පේරාදෙණිය සරසවියේ හය මාසික විශේෂ පුහුණුවක් සඳහා පැමිණ සිටි වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ වේදය විෂය හදාරන සිවුවන වසරේ තරුණ සිසුවෙක් සිය නවාතැන්පළේ දී සිය දිවි නසාගෙන තිබේ.
ගම්පහ හපුගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම 24 හැවිරිදි සරසවි සිසුවා මහනුවර ඊරියගම ප්‍රදේශයේ නවාතැන් පොළක දී මිය ගොස් ඇති අතර ඔහු දැඩි මානසික ආතතියකින් පෙළී ඇති බව අනාවරණය වී ඇත. ඔහු සමග තවත් සිසුන් තිදෙනෙක් එව නවාතැනපළේ සිට ඇති බවත්, ඔවුන් ද වයඹ සරසවියේ සිසුන් බවත් පොලිසිය කියයි.
මෙම තරණ සිසුවා තුන් වරක් සිය දිවි නසා ගැනීමට කළ උත්සාහයක් ගැන ඔහුගේ ලැප් ටොප් පරිගණකයේ තැබූ සටහන්වලින් පෙනී ගොස් ඇතැයි ද “ජීවිතය නැමැති අමුතු චිත්‍රපටය තේරුම් ගැනීමට නොහැකිව, සමාජය තේරුම් ගැනීමට අපොහොසත්ව තමන් දැඩි කළකිරීමට පත්ව සිටින්නේ යැයි ද ඔහු අවසන් වරට සටහන් කර ඇතැයි විමර්ශන අංශ කියයි.
විදර්ශන රණසිංහ නැමැති සිසුවාගේ මරණ පරීක්ෂණය යටිනුවර හදිසි මරණ පරීක්ෂක සේනක කරුණාරත්න විසින් ඊයේ (21) සිදුකර ඇති අතර ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සහ සාක්ෂි අනුව මෙය සියදිවි නසා ගැනීමක් බව ද හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළේය.







