පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සදහා මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පත් කර තිබේ.
ජනාධිපති රනිල් විකුමසිංහ විසින් වසර තුනක කාලයක් සදහා මෙම පත් කිරීම සිදුකර ඇති අතර අගොස්තු මස 1 වන දා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇත.
මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 23 වන උපකුලපතිවරයා ලෙස උපකුලපති ධුරයට පත් කරන අවස්ථාව වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා ලෙස කටයුතු කරන ලදි.
ටෙරන්ස් මධුජිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තුමෙන්තුවේ මහාචාර්යවරයකු වන අතර ඔහු 1997 වසරේ සහාය කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක්වී වසර 25කට ආසන්න කාලයක් එම දෙපාර්තුමෙන්තුවේ සේවය කර ඇති තිබේ. ඔහු විශ්වවිද්‍යාල පර්යේෂණ කමිටුවේ අධ්‍යක්ෂකවරයෙකු දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රෙය් අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
මහාචාර්ය ටෙරන්ස් මධුජිත් එක්සත් ජනපදයේ ජෝජියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරා ඇති අතර ආහාර විද්‍යා හා තාක්ෂණය සම්බන්ධයෙන් පර්යේෂණ පත්‍රිකා රාශියක් එළිදක්වා ඇති ආහාර විද්‍යා හා තාක්ෂණ විශය සම්බන්ධ ප්‍රාමාණික බුද්ධිමතෙකි







