බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙගසස් යොදාගෙන ඩුබායි කුමරියන් ගැනත් ඔත්තු බලලා

by Lanka Sara Editor
ජූලි 22, 2021
in පුවත්
lathifa & haya
Share on FacebookShare on Twitter

මේ දින වල ජාත්‍යන්තර අවාදනය දිනාගෙන තිබෙන ඔත්තු බැලීමේ මෘදුකාංගයක් වන පෙගසස් යොදාගෙන ඩුබායි හී කුමාරිකාවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු රැස්කරගෙන ඇති බවට අනාවරණය වේ.

ඩුබායි පාලකයා වව මොහම්මඩ් බින් රාෂිඩ් අල් මක්ටුම් ගේ දියණිය වන ලතීෆා කුමරියා සහ ඔහුගේ හිටපු බිරිද වන හායා කුමරිය පිළිබඳ පෙගසස් මෘදුකාංගය යොදාගෙන ඔත්තු බලා ඇති බවට විදෙස් මාධ්‍ය වර්තා කරයි.

මෑතකදී පෙගසස් මෘදුකාංගය නිපදවන ඊශ්‍රායලයේ එන්.එස්.ඕ සමාගම විසින් ඔත්තු බලන බවට චෝදනා කරමින් මාධ්‍ය වෙත නිකුත් වූ දුරකථන අංක 50000 අතරේ මෙම කුමරියන් දෙදෙනාගේ දුරකථන අංකද පවතින බවට වාර්තා වේ.

ලතීෆා කුමරියව ඩුබායි පාලකයා විසින් බලහත්කාරයෙන් රැදවා සිටින බවට චෝදනා එල්ල වන අතර හායා කුමරිය 2019 දී තමන්ට ජීවිත තර්ජන පවතින බවට පවසමින් ඩුබායි රාජ්‍යයෙන් පලාගියාය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට චෝදනා එල්ලවන ලතීෆා කුමරිය විසින් පටිගත කළ වීඩියෝවක් මේ වසරේ බී.බී.සී ලෝක සේවය වෙත ලැබී තිබිණි. එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ව සිය පියා විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවයි.

එසේම ඇය 2018 ඩුබායි රාජ්‍යයෙන් පලායාම උත්සහ කිරීමේදී ඉන්දියාවේ ගෝවා වෙරලට ආසන්නයේදී ඩුබායි හි විශේෂ පුහුණුව ලද කොමාන්ඩෝ භටයින්ගේ අත්අඩංගුවට පත්වූ බවටද සිය විඩියෝවෙන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මීට මාස කිහිපයකට පෙර ඇය තවත් කාන්තාවන් දෙදෙනෙකු සමඟ සිටින ඡායාරූපයක් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් වූ අතර එය කුමරිය වීඩියෝව නිකුත් කිරීමෙන් පසුව ගන්නා ලද ඡායාරූප බවට බොහොදෙනා පවසා තිබිණි.

හායා කුමරියද ඩුබායි රාජ්‍යයෙන් පැනගොස් බි්‍රතාන්‍යයෙන් තමනට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත් ඩුබායි රාජ්‍ය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනු ලබන අතර කිසිවෙකු ජීවිත තර්ජන ඇතිවන ආකාරයෙන් තමන් කටයුතු කර නොමැති බවටද ඩුබයි පාලකයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර පෙගසස් මෘදුකාංගය නිර්මානය කළ සමාගම පවසන්නේ තමන් කිසිවිටෙක සාමාන්‍ය පුද්ගලයින් පිළිබඳ ඔත්තු බැලීම සිදු නොකළ බවයි. එසේම ඉතා ඉහළ මානව හිමිකම් මට්ටමක් ඇති රටවලට පමණක් තමන් සේවය සැලසූ බවද ඔවුන් පවසා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙරවලපිටිය කසල අංගනය කොම්පෝස්ට් නිශ්පාදන ධාරිතාව තුන් ගුණයකින් වැඩි කරයි…

Next Post

ඉන්දීය රජයෙන් නැ‍‍‍ඟ‍ෙනහිර ආයෝජන අවස්ථා සොයා බලයි

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.