අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ ඉල්ලීම පොලිස්පති පැහැර හරී

කුරුණෑගල ඓතිහාසික අපරාධය කළ චූදිත අපරාධකරුවන් තවමත් නිදැල්ලේ....

by editor
ජූලි 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් පැමිණිලි දෙකක් සටහන්ව තිබියදී  රටේ වලංගු නීතියත් උල්ලංඝණය කරමින්  කුරුණෑගල ඓතිහාසික පුරාවිද්‍යා ස්මාරකය   කඩා බිඳ දමූ චූදිතයන් අත්අඩංගුවට ගන්නා ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම මේ වනවිටත් ක්‍රියාත්මක වී නැතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල නගරාධිපතිගේ මෙහෙයවීමෙන් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මෙම ගොඩනැගිල්ල කඩා දමන්නේ  ඊයේ ( 16) එහි පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබිය දීය.

මීට දින හතරකට පෙර  මෙම ස්ථානයේ පුරාණ නටබුන් සහිත ගල් පුවරු කිහිපයක් මතුවීමත් සමග නිසි පුරාවිද්‍යා අධ්‍යයනයක් කර සංරක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවය සලකා ස්ථානය අසල    නවතම සංවර්ධන කටයුතු නවත්වන ලෙස ඉල්ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරුණෑගල පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබිණි.

ඊට පෙර අවස්ථාවකත් මෙම ස්ථානය විනාශ කිරීමට කරන උත්සාහය වැළැක්වීමට පුරාවිද්‍යා නිලධාරීහු කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් කර තිබුණහ. සංරක්ෂණ කටයුත්තක් සැලසුම් කර තිබියදීත්, පොලිස් පැමිණිලි දෙකක් සටහන්ව තිබියදීත් තමන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසර ලැබුණු බව පවසා කුරුණැගල නගරාධිපතිවරයා මෙම පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ල කඩා බිඳ දමන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොදන්වමිනි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම  කුරුණෑගල නගරාධිපතිවරයාත් පුරාවිද්‍යා ආඥා පනතින් පෙන්වන රටේ වලංගු නීතිය උල්ලංඝණය කරමින් කළ මේ විනාශය බරපතල අපරාධයක් බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළේ   සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. මේ මොහොත වනතුරුත් ක්‍රියාත්මකව නැත්තේ ඒ ඉල්ලීමය.

යටත් විජිත යුගයේ කුරුණෑගල නගරය නැවත සංවර්ධනය වන්නේ පුරාණ කුරුණෑගල රාජධානියේ පැවති නටබුන් ඇසුරෙහිය. කුරුණෑගල කච්චේරි ගොඩනැගිලල, උසාවිය සංකීර්ණය මෙම සිද්ධිය වූ හෝටලය පවත්වාගෙන ගිය බිම ඒ නටබුන්වල ශේෂයන් පැතිරුණු තැන්ය.

සිද්ධිය වූ පුරාණ ගොඩනැගිල්ලෙහි නාගරික සංවර්ධන අධිකාරිය විසින් හෝටලයක් පවත්වාගෙන යමින් තිබිණි. මෙම ගොඩනැගිල්ල කඩා දැමෙන අවස්ථාව වනවිට එය පැවතියේ පුරාණ කුරුණෑගල රාජධානියේ ගොඩනැගිල්ලක පාදම මත ඉදි කළ පේකඩ සහිත දැව මුවා ඉදිකිරීමක් ලෙසය.

මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර නැතත් පුරාවිද්‍යා ආඥා පනත යටතේ වර්ෂ 1815 මාර්තු 2කට කලින් ඉදිකළ සියලුම ස්මාරකවලට නීතිමය ආරවණයක් සැපයෙන හෙයින් පාදමට කළ හානිය මත පිහිටා මේ සම්බන්ධව නෛතික ක්‍රියාවලියකට යෑමේ ඉඩකඩ ඇති බව පුරාවිද්‍යා ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙැවනි අපරාධවලට සමාජය පෙළඹෙන්නේ පසුගිය වසර පහ පුරා කිසිම පුරාවිද්‍යා ස්මාරකයක් ගැසට් කර නැති නිසා බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Share69Tweet43
Previous Post

පී.එච්.අයි මහත්වරු වර්ජනය අරඹති…

Next Post

කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.