සූරියවැව නුවන් ජයසේකර –
බෞද්ධයන්ගේ පූජනියත්වයට පත් සොළොස්මස්ථාන අතරින් දහසය වැනි ස්ථානය නොහොත් අවසන් පූජනීය ස්ථානය ලෙස නම් කර ඇති කතරගම කිරිවෙහෙර සෑ රදුන්ගේ හුණු පිරියම් කිරීමේ චාරිත්‍රය කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ කෙරුණි.
පුරාණ චාරිත්‍රයක් අනුව අඛණ්ඩව සෑම වසරකම කතරගම ඇසළ මහා පෙරහැර මංගල්‍යයට සමගාමිව මෙම හුණු පිරියක් කිරිම සිදුකරනු ලබයි.
උස අඩි 95කින් සමන්විත මෙම ස්ථූපයේ වට ප්‍රමාණය අඩි 280කි.
බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟින් තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ මෙම ස්ථානයට වැඩම කර සමවත් සුවයෙන් වැඩ සිටි ස්වර්ණමය ආසනයත්,උන්වහන්සේගේ කේශ ධාතූන් වහන්සේත් තැන්පත් කර මෙම දාගැබ් වහන්සේ ඉදිකර ඇතැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය.
ක්‍රිස්තු පූර්ව 03 වන සියවස තරම් පැරණි මෙම දාගැබ් වහන්නේ මහාසේන නම් ප්‍රාදේශීය රජතුමා විසින් කර වු බව සදහන් වෙයි.







