නතාෂා නෙත්මිණි
විදේශයන්හි රඳවා තබා ඇති හෙළවෙද පොත්, පුස්තකාලපොත් සහ දේශීය වෙදකමට අදාල ලිපිලේඛණ හා ග්‍රන්ථ නැවත මෙරටට ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි මේ සම්බන්ධයෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන , ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියයි.
අප රට යටත් කරගෙන සිටි බටහිර ජාතීන් අපේ රටේ දැනුම් පද්ධතිය සොරාගෙන ගොස් බටහිර කෞතුගාර තුළ සුරක්ෂිතව තබා ගනිමින් ඒවායේ දැනුම භාවිත කරමින් විවිධ ඖෂධ වර්ගයන් නිෂ්පාදනය කිරිමට උත්සහ දරන බවද ඇමතිවරයා පෙන්වාදේ.
එංගලන්තයේ කෞතුකාගාරයෙක් තුල පමණක් හෙළ වෙද ශාස්ත්‍ර ග්‍රන්ථ ඇතුළු පුස්කොළ පොත් 2227 ක් මෙරටට ගෙන ඒම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන , ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යංශ්‍ය, විදේශ කටයුතු අමාත්‍යංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ජාතික කෞතුගාර දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන නියෝජිතයින් සමග සාකච්ඡා වට කීපයක්ම පවත්වා ඇත.