බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිංවත්තේ දී කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට…

by editor
මාර්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුඛොපභෝගී ජිප් රථයක ගමන් කරමින් සිටිය දී  පානදුර පිංවත්ත ප්‍රදේශයේ  වෙඩි තබා ඝාතනය කළ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය  රුපියල් ලක්ෂ විස්සක කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බවත් එම කොන්ත්‍රාත්තුව ඝාතකයාට ලබා දී ඇත්තේ එම පවුලේම සමීපතමයෙක් බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයින් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි ද විමර්ශන අංශ පවසයි.

ඝාතනය  සම්බන්ධයෙන් වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ගිනි අවිය සමග පෙරේදා (05) පොලිස් අත්අඩංගුවට ගෙන පැය 48ක රඳවා ගැනීමේ නියෝගයක් අධිකරණයෙන් ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබිණි.

මෙම ව්‍යාපාරිකයා දෙදරු පියෙකි. ඔහු  සිය නීත්‍යානුකූල බිරියකගෙන් ඉවත් වී    වෙනත් කාන්තාවක් සමග පානදුර ප්‍රදේශයේ  ජීවත් වෙමින් සිටි අතර එම කාන්තාව මෙම ව්‍යාපාරිකයාගේ බිරියගේ ඥාති සොයුරියකි.  ඇයත් දෙදරු මවකි.

ඇය වෙනුවෙන් විශාල වත්කම් ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් ලබා දී ඇති අතර පිංවත්ත ප්‍රදේශයේ  ඇයට   විශාල  නිවසක්  ද ඉදිකරමින් සිට තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම ඔහු නීත්‍යානුකූල බිරියගෙන් වෙන් වීමට ද නීති කටයුතු ආරම්භ කර තිබී ඇත.

මෙම ව්‍යාපාරිකයාත්, ඔහුගේ බිරියත්, පසුව ඔහු සමග ජීවත් වූ කාන්තාවත්, මේ ඝාතනයට සම්බන්ධ පැදිකරු සහ ඝාතකයාත් ඇල්පිටිය තෙලිකඩ ඉපදී හැදී වැඩුණු අයය.  මේ තත්ත්වය ද විමර්ශන අංශවල අවධානයට යොමු වී ඇත. ඝාතනය වූ ව්‍යාපාරිකයා කඩවතට පැමිණ ඇත්තේ පසු කාලයක දී ය.

දැනට හෙළිවන පරිදි මෙම ඝාතකයාත්, පැදිකරුත් ව්‍යාපාරිකයා හොඳින් දන්නා අඳුනන ඔහුගේ ගම් පලාතේ අය ය. ලක්ෂ විස්සක මුදල් තන්හාවට කොන්ත්‍රාත්තුව භාර ගනු ලැබුව ද  ඔවුන්  පළපුරුදු වෙඩික්කරුවන් නොවන බවත් ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය එම පැදිකරුම පාවිච්චි කරමින් සිටි යතුරු පැදිය බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. පැදිකරු  බස් රථයක කොන්දොස්තර කෙනෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

වෙඩික්කරු   පොඩි ව්‍යාපාර කරමින් ජීවත් වූ පුද්ගලයෙකි.  ඔවුන් දෙදෙනා කොටු වන්නේ පැදිකරු විසින් මග  අත්හැර ගිය යතුරු පැදියේ චැසි අංකය සහ එන්ජින් අංකය ඔස්සේ කරන ලද විමර්ශනවලදී ය.

ඔවුන්ට කොන්ත්‍රාත්තුව ලැබුණ ආකාරය, ගිනි අවි සපයා ගත් ආකාරය සම්බන්ධව   විමර්ශන අංශවල දැඩි අවධානයට යොමු වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරු අයිතිකරු රෙනෝ සම්පත් බැංකුවේ අයිතියෙන් සියයට 6ක් ගනී!

Next Post

මැතිවරණ දිනය ප්‍රකාශ කිරීමට යළිත් මැතිවරණ කොමිසම අද රැස් වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.