ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයෙක්ව සිටිය දී යුද හමුදාව විසින් ඔහුගේ පුද්ගලික භාවිතයට ලබා දුන් පිස්තෝලයක් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් ගේ කණ්ඩායම අතට පත් වූ ආකාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව ඊයේ (26) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) සවස අත්අඩංගුවට ගත් දේවානන්දා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.
2001 වසරේ දී එවකට අමාත්‍ය දේවානන්දාට ශ්‍රී ලංකා හමුදාව විසින් ඔහුගේ පුද්ගලික භාවිතය සඳහා ලබා දුන් ගිනි අවියක්, 2019 දී සංවිධානාත්මක අපරාධකරුවෙකුවන ‘මාකඳුරේ මධුෂ්’ගෙන් කළ කිරීමක දී සොයා ගත්තේය.
මෙම පිස්තෝල වර්ගයේ ගිනි අවිය සොයා ගනු ලැබුවේ වැලිවේරිය බෝක්කුවක් අසල කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදීය.
ආයුධයේ අනුක්‍රමික අංකය පරීක්ෂා කිරීමේදී, අදාළ ගිනි අවිය දේවානන්දාට නිකුත් කර ඇති බව අනාවරණය විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දිගටම කරගෙන යයි.







