සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්පෝට් කාර්යාලය ලඟ අද ඇතිවුන ගැටුම පිටුපසත් තියෙන්නේ  ජනාධිපතිගේ ඩීල් එකක්… වසන්ත සමරසිංහ හෙළි කරයි!

ඡන්දය ඉලක්ක කරගෙන කරන් ජනපති කරන රාජ්‍ය සම්පත් අවභාවිතය ගැන මැතිවරණ කොමිසම දැනුම්වත් කරනවා....  

by editor
ජූලි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද ආගමන විගමන කාර්යාලය අසල ඇති වී තබූ කලබැගෑනියට හේතු පාදක වූ ගුවන් ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමයට පමණක් ලබාදීම පිළිබඳ ගනු ලබන තීන්දුව පසුපසත් බිස්නස් මගඩියක් ඇති බවත්, ශඛ්‍යතා අධ්‍යයනයක් නොකර මෙම ගුවන් ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීමට තෝරාගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතවතෙකුගේ සමාගමක් බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමනි.

මැතිවරණය ආසන්නයේදී රාජ්‍ය සම්පත් අවභාවිතා කරන ආකාරයත්, රටේ සම්පත් ඉතාම වේගයෙන් කුණු කොල්ලයට විකුණමින්, යහළුවන්ට බෙදා දෙමින් මැතිවරණය සඳහා ජනාධිපතිවරයා සූදානම්වන අලජ්ජි ආකාරයත් සම්බන්ධව මැතිවරණ කොමිසමේ අවධානයට යොමු කරන බව ද ඔහු පැවසුවේය.

වසන්ත සමරසිංහ මෙවැනි හෙළිදරව් කිරීමක් ද අද සිදුකළේය.

අද මේ වන විටත් පාස්පෝර්ට් කාර්යාලය ළඟ ඇතිවී තිබෙන උණුසුම් තත්වය පාලනය කරන්න කැරලි මර්දන පොලීසිය කැඳවා තිබෙනවා. තමන්ගේ පාස්පෝර්ට් එක ගන්න පැමිණි 3000කට අධික පිරිසක් කාර්යාලය ඉදිරිපිටට එක්රැස්වී සිටියදී එය ඔන්ලයින් ඔස්සේ පමණක් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ඊට අදාළ අභ්‍යන්තර චක්‍ර ලේඛය නිකුත් කර තිබෙන්නේ පෙරේදා, 17 දිනයි. ඊ පාස්පෝර්ට් එකක් ලබාදීම වෙනුවෙන් මේ චක්‍රලේඛය නිකුත් කර ඇති බව කියනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී හෙළි වූයේ ඊ පාස්පෝර්ට් සේවාව ලබාදීමට ටෙන්ඩර් කැඳවා රනිල් වික්‍රමසිංහලාගේ යාළුවෙකුට ලබාදී ඇති බවයි. මේ සේවාව ලබාදීමට අවශ්‍ය හැකියාව ඔවුන්ට තිබෙනවාද යන්න සොයා බැලීමකින් තොරව ටෙන්ඩරය ලබා දී ඇති බව මේ වන විට හෙළි වෙනවා.

තව පැත්තකින් ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීම යාළුවන්ට ලබාදීම වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පසුගිය කාලයේ අපි දැක්කා.

රටේ සම්පත් තමන්ගේ යහළුවන්ට පවරා දෙන්න වේගයෙන් ක්‍රියා කරන ආකාරය නිකවැරටියේ පශු සම්පත් ගොවිපළ පවරා දීමට දරන උත්සාහයෙන් හෙළි වී තිබෙනවා. නමුත් ප්‍රාදේශීය ලේකම්, ගොවිපළේ සේවකයන් පළ කර තිබෙන විරෝධය නොතකා ප්‍රධාන පාරට මුහුණ ලා තිබෙන අක්කර 20ක ඉඩම අවුරුදු 30කට බදු දී තිබෙන්නේ රුපියල් 60,000ක බද්දකට යටත්වයි.

පශු සම්පත් ගොවිපළ නිලධාරීන් මෙයට විරුද්ධව දිගින් දිගටම විරෝධත්වය පළ කර තිබියෙදී මේ ගොවිපළේ අක්කර 1000ක ඉඩමෙන් අක්කර 20, 25, වැනි කැබලිවලට කඩා හිතවතුන්ට බෙදාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු නියෝගයක් මත ඡන්දයට පෙර ඉඩම් කොල්ලයක් දියත් කර තිබෙනවා.

ඒ වගේම පොළොන්නරුව නගරය මධ්‍යයේ තිබෙන රුපියල් කෝටි පහක තක්සේරු වටිනාකමින් යුතු පර්චස් 40ක ඉඩම රුපියල් කෝටි දෙකකට නව තක්සේරු වාර්තාවක් ලබාගෙන හිතවතෙකුට බදු දී තිබෙනවා.

සතොසට අයත්ව මත්පැන් බලපත්‍ර 100ක් ලබා දී තිබෙනවා. එයින් 51ක් තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ සූදානමක් අර්ජුන් ඇලෝසියස්ලා එකතු වී දියත්කර තිබණා. අපි ඒ පිළිබඳව හෙළි කළ නිසා තාවකාලිකව නවත්වා සතොස ගබඩා තමන්ගේ හිතවතුන්ට ලබාදෙමින් සිටිනවා.

මැකලම් පාරේ රථ ගාල රුපියල් ලක්ෂය බැගින් බදු දෙන්න සූදානම් කර තිබෙනවා. නුවරඑළිය රෝහල ආසන්නයේ සතොසට අයත් බංගලාව ලක්ෂ 05ක තක්සේරුවක් තිබියෙදී යහළුවන්ට රුපියල් එක් ලක්ෂ පහළොස් දාහක කුලියට දෙන්න සූදානම් කර තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශයේ විදේශ රැකියා සම්බන්ධ කොටස පමණක් ඇමතිගේ කටයුතු වෙනුවෙන් සක්‍රීය කොට තිබෙනවා. “ජයගමු ශ්‍රී ලංකා” කියන ප්‍රචාරක වැඩපිළිවෙල මේ වන විට නගර 22ක ප්‍රදර්ශන පවත්වා අවසන්. පසුගිය වසරේ මුල් මාස හය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ පිරිසට වඩා මේ ප්‍රචාරක වැඩපිළිවෙළ ඇතුළේ විදේශ රැකියා සඳහා ගිය පිරිස් වැඩිවී නැහැ. නමුත් මේ එක් ප්‍රදර්ශනයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 200ක් විදේශ රැකියා කාර්යාංශයේ මුදල් වැය කරනවා. කිසිදු ටෙන්ඩර් පටිපාටියක් නැතිව ඇමතිගේ හිතවතෙකු හට මේ ප්‍රදර්ශන කුටි සැකසීම සඳහා රුපියල් ලක්ෂ 200 බැගින් ලබා දෙනවා. දැනට රුපියල් ලක්ෂ 4400ක් වියදම් කර අවසන්.

සංචාරක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රජා පොලිස් කමිටු, යොදවා ගෙන රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු ගෙන යනවා. ජනතාවගේ යහපත වෙනුවෙන් වියදම් කිරීමට තිබෙන සල්ලි මේ ආකාරයෙන් තමන්ගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 75ක් නැති පසුබිමකයි. පාසල් ගණනාවක ලයිට් කපා තිබෙන පසුබිමකයි.

ඡන්දයට බයේ ඉන්න පාලකයන් මහජන ධනය මේ ආකාරයෙන් යොදා ගැනීම නැවැත්වීම සඳහා අවශ්‍ය බලය යොදවන ලෙස මැතිවරණ කොමිසමට අවධාරණයෙන් මතක් කරනවා. රනිල් වික්‍රමසිංහ නීතිපතිට උපදෙස් ලබාදී අධිකරණයේ විභාග වෙමින් පැවති අධි චෝදනා 31කට අදාළ ලිපිගොනු පසුගිය කාලයේ ඉවත්කර ගෙන තිබෙනවා. නමුත් මේ අවස්ථාවෙත් පොළොන්නරුව ගොවිපොළේ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වංචා අක්‍රමිකතා පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතිනවා.

ඒ සම්බන්ධ නීතිමය ක්‍රියා මාර්ග ඉතා ඉක්මනින් ගන්නා අතර මහ බැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එරෙහිවත් ෆයිල් දෙකක් තිබෙන බව මතක් කරනවා.

ඊට අමතරව පසුගිය කාලයේ අපි ඉදිරිපත් කළ වංචා, දූෂණ සියල්ලට අදාල නීතිමය ක්‍රියා මාර්ග ජාතික ජන බලවේගයේ රජයකින් නිසි පරිදි ක්‍රියාත්මක කරන බව අවධාරණය කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

22 ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට බලපෑමක් නෑ… මැතිවරණ කොමිසම කියයි1

Next Post

ජනාධිපතිට 22 ගැසට් කරන්න පුලුවන්… අධිකරණ ඇමති ජනපති සමග ගාල්ලේ ඉන්න ගමන් කියයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.