අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය බෞද්ධයින් දැක්කේ පන්සලකට එල්ල වූ ප්‍රහාරයක් විදිහට… ඕමල්පේ සෝබිත හිමියෝ කියති….

by editor
අප්‍රේල් 21, 2024
in පුවත්
Omalpe-Sobitha
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරය බෞද්ධ ජනතාවට දැනුණේ පල්ලියකට එල්ල වූ ප්‍රහාරයක් ලෙස නොව, පන්සලකට එල්ලවූ ප්‍රහාරයක්  මෙන්ම සමස්ථ ආගමික සමාජයටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස බව  දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ඕමල්පේ සෝබිත හිමියෝ පැවසූහ.  රටේ සමස්ථ ජනතාවම මිය ගිය සහ තුවාල ලැබූ වින්දිතයන් සම්බන්ධවත්, තමන් පාලනය වූ වගකීම් රහිත පාලකයින්ගේ ස්වරූපය සම්බන්ධවත්,  කාර්පට් එක යට සඟවා ඇති, මෙතෙක් නොලැබුන  යුක්තිය සම්බන්ධවත් ත්‍රිවිධාකාර දුකකින් පෙළෙන බව උන්වහන්සේ කීහ.  

ම්ලේච්ඡ  පාස්කු ප්‍රහාරය සිද්ධ වී වසර පහක් සම්පූර්ණ වීම සිදු වූ අද (21)   කොළඹ කොච්චිකඩේ පාස්කු සැමරුම් අවස්ථාවේ දී ජනතාව අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

ඕමල්පේ සෝබිත හිමියෝ මෙසේ ද පැවසූහ.

කලකට පෙර සිදුවුන ඒ ඛේදවාචකය අමතක නොවන්නක්. දරා ගත නොහැකි වේදනාවක්. අපට දැනුනේ මේක දේවස්ථානයකට යොමුවුන ප්‍රහාරයක්  ලෙස නෙමෙයි. පන්සලටක වැදුන ප්‍රහාරයක්. සමස්ථ ආගමික සමාජයකටම වැදුන ප්‍රහාරයක්. ශිෂ්ටාචාරවත් සමාකාමී ජන සමාජයට වැදුන ප්‍රහාරයක්.

ඒ නිසා අපට දැනුන වේදනාව මහත් විශාලයි. ප්‍රහාරයෙන් පැය කීපයක් ඇතුළත අප මේ ස්ථානයට පැමිණියා. ඒ අවස්ථාවේ දී  විශ්මයක් ප්‍රාර්පතව ශෝක භරිතව සිටි පියතුමන්ලා සහ ඥාතින් සමගම අපත් ශෝකය බෙදා ගත්තා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැන් අවරුදු පහක් ගත වුනා. අපට පේන හැටියට මේ දුක වඩා වර්ධනය වුනා මිස තවමත් එය සංසිඳීමට ලක් වුනේ  නෑ. අප දැන් ත්‍රිවිධාකාර දුකකින් පෙළෙනවා. පළවෙනි දුක මේ අහිසංක පිරිසේ ජීවිත විනාශය. අපේ රටේ විදේශවල අහිංසකයින් පිරිස, තුවාල ලැබූ අහිංසකයන්. ඔවුන් දේවස්ථානයට ආවේ ආශීර්වාද බලාපොරොත්තුවෙන්. නමුත් ඔවුන්ට දුන්නේ විපත. ඛේදවාචකය. මෙය අපට දරාගත නොහැකි දුකක්.

දෙවැනි කාරණාව තමයි මේ ප්‍රහාරයත් සමග අපට තේරුණා මොනතරම් වගකීම් විරහිත පාලක පිරිසක් ද මේ රටේ ඉන්නේ කියන එක. තමන්ගේ වගකීම් උසුලන්නේ නැති, තමන්ට පැවරුන වගකීම් නොසලකා හරින,   රටේත් ජනතාවගේත් ආරක්ෂාව පිළිබඳ කිසිදු හැඟීමක් නැති     ආත්මාර්ථකාමී අනුවන පාලක පිරිසක් යටතේ අපට පාලන වන්නට වෙලා තියන දැනුම ඇතිවීම දරාගත නොහැකි ශෝකයක්. බුදු රජානන්වහන්සේ දේශනා කළා හැම කෙනෙක්ම තමාට පැවරෙන වගකීම

මැනවින් ඉටු කළ යුතුයි.  ඉටු කිරිම මගින් ජනප්‍රිය විය යුතුයි. එසේ නොවන්නේ නම් සිදුවන්නේ  කුමක්ද යන්න අප පැහැදිලිවම දන්නවා. වගකීම් ඉටු නොකිරන පාලකයා ජනතාවගේ උදහසට සහ වෛරයට ලක් වෙනවා. අප දැක්කා ඒ දේ. එදා වගකීම් දරමින් සිටි ජනාධිපතිවරයා, අගමැතිවරයා අමාත්‍ය මණ්ඩලය, ආරක්ෂක අංශවල නිලධාරීන් මේ සියලුම දෙනා අද මහජනතාවගේ පිළිකුලට ලක් වී අවසන්.

එවන් තත්ත්වයකට හේතුව තම වගකීම් ඉටු නොකිරීම. අපට හමුවනවා ශුද්ධ වූ බයිබලයේ, හිතෝපදේශයේ, හතරවැනි කොටස. පාලකයා යුක්තියෙන් සිය යුතුකම් ඉටු කරමින් රට පාලනය කරන්නේ නම්  ඒ රට සුරැකෙන්නේය. එසේ නොමැතිව බලයෙන් සම්පත් ගනිමින් පගාව ගනිමින් ක්‍රියා කරන්නේ නම් ඒ රට විනාශ වන්නේය. ඒ දේ අප මේ පාලකයින් තුළින්  අපට දැනුනා.

ඒ එක්කම අපට දැනුනා මොනතරම් අවාසනාවන්ත රටවැසියන් පිරිසක් ද අපි. ශ්‍රී ලංකා පුරවැසියන් ලෙස අප මොනතරම් අවාසනාවන්ත ද මේ වගේ වගකීම් විරහිත අනුවණ පිරිසකගේ පාලනයට යටත්ව සිටීමට සිදුවීම. අපි මොනතරම් අවාසනාවන්ත පිරිසක් ද

තුන්වැනි කරුණ අපට දුක්වන තවමත් යුක්තිය ඉටු නොවීම. ඔවුන් දන්නවා අපි දන්නවා කවුද කියලා, අප දන්නවා වැරදි කරුවො කියලා. ඔවුන් කියනවා මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. ඔවුන් කියනවා මේක පොලිටිකල් ගේම් එකක් කියලා. ඒ වුනාට තවමත් වරදකරුවන්ට දඬුවම් දෙන විදිහක්  අප දැක්කේ නෑ.

අතිගරු මැලකම් රන්ජිත් කාදිනල් තුමා නිරන්තරයෙන් කියන්නා සේ මේ සත්‍යය කාර්පට් එක යට වසන් කිරීමට ඉඩ නොදිය යුතුයි. අදත් අපේ ප්‍රාර්ථනාව එයයි. අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගැනීම සඳහා අප සියලු දෙනා විශ්වාසයෙන් කටයුතු කරමු. අහිංසක ජීවිත නැතිකිරීමට හේතු වූ එම දුක ශෝකය අඩුම ගානේ සමහන් කරලීමට ඒ අය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුයි. අපි ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංසර්ගයකදී සිදුවන ලිංගික ප්‍රවේශයකින් තොරව කන්‍යාවක් ගැබ්ගත හැකියි…John Hopkins සරසවිය පවසයි…

Next Post

කතෝලික ප්‍රජාව රවටමින් ගෝඨාභය කළ දේම රනිල් කරන හැටි පාස්කු ප්‍රහාරයට අවුරුදු 05ක් පිරෙද්දි  කාදිනල් හිමියෝ කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.