බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු කොමිසමෙන් බේරා ගන්නැයි ඩී.අයි.ජී. දේශබන්දුලා අස්ගිරි හිමි ඉදිරියේ වැඳ වැටෙති…

by editor
අගෝස්තු 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යහ පාලන රජයේ සමයේ පත්කළ ජනාධිපති කොමිෂම මගින් ලබාදී තිබෙන අසාධාරණ තීන්දුව මගින් දිවිහිමියෙන් රාජකාරි කළ පොලිස් නිලධාරීන් පිරිසකට බරපතල අගතියක් සිදුව තිබෙන බවත් මෙය නිවරැදි කිරීම සඳහා මැදිහත්වන ලෙසත් ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ, දේශබන්දු තෙන්නකෝන්   ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද (19) අස්ගිරි මහ විහාරයට පැමිණ එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක උන්වහන්සේ වන්දනා කර ලිපියක් බාර දුන්හ.

අනතුරුව දළදා හිමි වැඳ කන්නලවු කළහ. පැවති යහපාලන රජයට දෙස් දෙවොල් තියමින් ඔවුන්  කන්නලවු කර ඉල්ලා තිබුණේ  එල්ලුම් ගස් නොයා, හිරේ විලංගුවේ නොවැටී,  රැකියාව අහමි නොවී  පාස්කු කොමිසමේ නිර්දේශවලින් බේරෙන්නට ඉඩ ලබා දෙන ලෙසය.

deshabandu

මේ ව්‍යසනයෙන් තමන් බේරා දෙන ලෙස දෙපා නැමැද ආයාචනා කරන බව අස්ගිරි නා හිමියන්ට  පැවසූ මෙම පොලිස් නිලධාරීන් වෙනුවෙන්  වැඩිරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මෙසේ ද පැවසුවේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

“පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බස්නාහිර පළාතත් නැගෙනහිර පළාතත් රාජ්‍ය බුද්ධ අංශයත් බාරව සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙතන සිටිනවා. ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සියල්ලම ප්‍රමාදයකින් තොරව කඩිනමින් පොලිස් නිලධාරීන්ට යවන්න පියවර ගෙන තිබුණා. ඒ බව ජනාධිපති කොමිෂන් සභාවේදී නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. එසේ තිබියදී ඒ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව එවකට පැවති රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබාදී තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ යුද්ධය නිමවී රටේ සාමාකාමී වාතාවරණයක් ගොඩනැගී තිබුණා. සංහිඳියාව කියන තේමාව යටතේ තමයි ඒ දවස් වල රජය ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් තිබීම නිසා අයි.එස්.එස් වගේ සංවිධාන ගැන ගැඹුරින් සොයා බැලීමක් සිදුවුණේ නැහැ.“

“සම්පූර්ණ සාමාකාමී වාතාවරණක් රටේ පැවතුණා. ඒ වාතරණය තුළ සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය නිසා අහිංසක මිනිස් ජීවිත 300 ක් පමණ රටට අහිමි වුණා. මේ ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී මහා බෝධිය, මහ බැංකුව වගේ ස්ථාන වලත් සිදුවුණා. ඇමරිකාවට පවා  ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. ලෝකයේ කොහේවත් සිදු නොවන ආකාරයට ඒ අවස්ථාවේ රාජකාරී කිරීම පදනම් කරගනිමින් තමයි පොලිස් නිලධාරීන්ට එරෙහිව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කොමිෂන් සභාව ක්‍රියාක්මක වුණේ. “

“තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න කැපකිරීම් කළ  විශාල පිරිසකට මේ කොමිෂම මගින් අසාධාණයක් සිදුව තිබෙනවා. මේ අයගේ විශ්‍රාම දිවියට පවා ගැටලුවක් වෙලා. ත්‍රස්තවාදී ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සහය දුන් නිලධාරියෙකු විනා ඒ ප්‍රදේශයේ රාජකාරී කළ නිලධාරීන් පීඩනයකට ලක්කරනවා නම් එය සමස්ත පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය පහත වැටීමට බලපාන කාරණයක් වෙනවා.“

මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්   මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

අවුරුදු 30 ක් මේ රටේ යුද්ධයේදී රාජකාරී කරලා ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා ජීවිතය බේරගෙන අද දක්වා රාජකාරී කරන කණ්ඩායමක් අපි. අද මෙතන්ට ආවේ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරී කරලා ඒ රාජකාරී කරපු එක වරදක් බවට පත්ව එල්ලුම් ගහ හරි මහ උළු ගෙදර හරි නැත්නම් රැකියාව නැතිවෙලා ගෙදර යන්න හරි වෙන එක වලක්වා ගන්නයි. අපි මල්වතු අස්ගිරි මහනායක හිමිවරු බැහැදැකලා දළදා වහන්සේට කන්නලව් කරලා රස්සාවයි ජීවිතයි බේරා දෙන්න කියලා ඉල්ලනවා.“

“පාස්කු ප්‍රහාරයෙදී 300 කට වඩා අහිංසක ජනතාව මියගියා. තවත් ඒ හා සමාන පිරිසක් තුවාල ලැබුවා. අද මේ පැමිණ සිටින අපි හැමෝම එදා ඒ ජීවිත පරිත්‍යාග කළ අයගේ මළ සිරුරු දෑතින් උස්සගෙන රෝහල් ගත කළ කණ්ඩායමක්. එදා ඒ විදිහට කැපවීමෙන් රාජකාරී කළ කණ්ඩායම අද අසරණ වෙලා. එවකට පැවැති යහ පාලන රජය අයි.එස්.අයි.එස් සංවිධානය ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු දැනගෙන ඒ තොරතුර සම්බන්ධව ගතයුතු ක්‍රියාමර්ග පිළිබදව කිසිදු නියෝගයක් ලබා නොදී මේ පිළිබඳව තොරතුරු සොයන්න කියලා විතරක් අපට දැනුම් දී තිබුණු අවස්ථාවක අනපේක්ෂිතව මේ ප්‍රහාරය එල්ල  වුණා.“

“මේ සිද්ධය වූ දවසේ අපි සියලු දෙනා රාජකාරී කළා. මළ සිරුරු වල හා තුවාලකරුවන්ගේ රුධිරය අත්වල තවරගෙන ඒ අය රෝහල් ගත කරලා ජීවිත සිය ගානක් බේරගන්න අපි ක්‍රියාත්මක වූණා.“

“යහ පාලන රජය පත්කළ කොමිෂන් සභාව දුන් අසධාරණ තීන්දුව නිසා හෙට දවසේ අපිට එල්ලුම් ගහ නැත්නම් හිර ගෙදර තපින්න වෙනවා. එහෙම නැත්නම් රැකියාව අහිමිව වෙනත් රැකියාවකටද යන්න නොහැකිව ගෙදර යන්න වෙනවා. එවැනි තත්ත්වයකට අපි පත්වෙලා. මේ දුක කියන්න කෙනෙක් නැහැ. මේවන විට කියන්න ඕන හැමෝටම කිව්වා. “

ඒ යහ පාලන රජය ගත් අසාධාරණ තීන්දුවේ ප්‍රතිපලය නිසා සමස්ත පොලීසියම කඩා වැටිලා. පවුල්,දරුවෝ,නෑදෑයෝ සියලු දෙනා අඬා වැටෙනවා. හෙට දවසේ අපි එල්ලුම් ගස් යයි සිරගත වෙයි කියලා ඒ අය බයෙන් ඉන්නේ. දළදා වහන්සේට කියන්න පුළුවන්. කන් ඇහෙන ඇස් පේන මේ මහනායක හිමිවරුන්ට කියන්නේ අපිව බේරාලා යුක්තිය ඉෂ්ඨ කරලා දෙන්න කියලයි.“

“කාදිනල් උන්නාන්සේට අපි කිසිම දෙයක් කියන්නේ නැහැ. උන්නාස්සේ දැක්කා අපි දෑත් වල ලේ තවරගෙන ජීවිත බේරගන්න කටයුතු කළ ආකාරය. කාදිනල් හිමි තමුන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කිරීම සාධාරණයි. හැබැයි අපි වෙනුවෙන් කතා කරන්න රජය හෝ වෙනත් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. අපිට මේක කියන්න වෙන කිසිම කෙනෙක් නැහැ. පොලිස් නිලධාරීන් 20-25 ක් මේ අසාධාරණයට ලක්වෙලා.“

“දළදා වහන්සේට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැතිවුණා. ජයසිරි මහ බෝ හාමුදුරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවත නැති වුණා. ලෝකයේ අනන්තවත් මේ වගේ ප්‍රහාර වලින් ජීවිත නැති වෙනවා. හැබැයි ලෝකයේ කිසිම තැනක එදා දවසේ රාජකාරී කළ නිලධාරීන්ට විරුද්ධව මේ වගේ තීන්දුවක් අරන් නැහැ.අසාධාරණයක් කරලා නැහැ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිට පොලිස් කොස්තාපල් දක්වා සියලු නිලධාරීන් මේ අසාධාරණයට ලක්වෙලා. “

“පාස්කු ප්‍රහාරයේ මොළකාරයා අල්ලන්න ගිහින් එක නිලධාරියෙක් මියගියා. නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරාළ මහතා එදා මීගමුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස කටයුතු කළා. අද නියෝජ්‍ය පොලිස්පති නුවඑළිය. එතුමා දින තුනකින් විශ්‍රාම යනවා. දැන් තිබෙන ආරංචි අනුව අවුරුදු 39 ක සේවයක් කරලා විශ්‍රාම වැටුපත් නැතුව එතුමාට ගෙදර යන්න වෙලා. ඇඬු කඳුලින් ඉන්නේ. ඒකයි අපි එකතු වෙලා මේ ඉල්ලීම කරන්න හිතුවේ. “

මේ අසාධාරණ තීන්දුව වෙනස් කරලා නඩු පවරන එක නවත්වන්න කියලා අපි ඉල්ලන්නේ. සාධාරණ විනිශ්චයක් දෙන්න. අපිට මේ ගැන දැනුවත් බවක් තිබුණේ නැහැ. දැනගෙන හිටියා නම් කවමදාවත් වෙන්න දෙන්නේ නැහැ. යහ පාලන ආණ්ඩුව දැනගෙන හිටියා අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. අපේ උසස් නිලධාරීන්ට දැනුම් දීලා තිබුණේ මේක සම්බන්ධව තොරතුරු සොයන්න කියලා විතරයි. එහෙම කියලා දින දෙකක් වගේ කාලයකදී අනපේක්ෂිත ලෙස ප්‍රහාරය එල්ල වුණා.“

වසර 30 ක් පැවැති යුද්ධය ඉවර කරලා රට සාමාකාමී වෙලා තිබුණ අවස්ථාවක මේක එල්ල වුණේ. ඒ වෙලාවේ බලයට ඇවිත් හිටිය යහ පාලන රජය කරපු වරද කාගේ හරි පිටින් යවන්න ඕන නිසා අහිංසක පොලිස් නිලධාරීන් 25-30 කණ්ඩායමකගේ රස්සාව අහිමි කරලා සිරගත කරන්න සූදානම් කරනවා.“

“අපිට විරුද්ධව විනය පරීක්ෂණ ආරම්භ කරන්න හදනවා. නඩු කටයුත්තකට කිසිදු බාධාවක් නැහැ. ඕනෑම අවස්ථාවක අපි වගකීමෙන් බැඳී ඉන්නවා සාක්කි ලබාදීමට. නඩුවෙන් ඉවත් කරන්න කියලා අපි කියන්නේ නැහැ. අපිට දුන්න අසාධාරණ තීන්දුව ඉවත් කරන්න කියලා ඉල්ලන්නේ. අධිකරණයට අපිව පමුණුවන්න හදනවා අසාධාරණ ලෙස.

යහ පාලන රජය ජනපති කොමිෂන් සභාවක් පත්කරලා වගකීමෙන් නිදහස් වෙන්න අපිව වැරදි කාරයෝ කරන්න හදනවා. මේ වෙලාවේ නඩු පැවරුවාට පස්සේ මේ ගැන කතා කරලා වැඩක් නැහැ. නඩු පැවරුවාට පස්සේ අපි හැමෝටම රස්සාව අහිමි වෙනවා .වටුප් නැති වෙනවා. එදාට මහනායක හිමිවරු මුණ ගැහෙන්න එන්නවත් ලැබන්නේ නැහැ.“

“අපි වරදක් කරලා නැහැ. අපි කළ එකම වරද එදා දවසේ රාජකාරී කළ එකයි. එදා රාජකාරි නොකළා නම් අපිට මෙහෙම දේවල් අත්විඳින්න වෙන්නේ නැහැ. විනය පරීක්ෂණ නැහැ. උසස් වීම් නැහැ. මම වසර 34 ක් සේවය කළා. වසර දෙකයි තුනයි විශ්‍රම යන්න තිබෙන්නේ. චෝදනා පත්‍රයක් දුන්නොත් පෙන්ෂන් එකත් නැතුව යන්න වෙන්නේ.“

“දැනගත්ත වෙලාවේ ක්‍රියාත්මක වූ නිසා ජීවිත රැසක් බේරා ගන්න පුළුවන් වුණා. සමස්ත රටම මේ ගැන බලාගෙන ඉන්නවා. මේ ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදී පිරිසක්. ප්‍රහාරයට ලක්වුණේ කතොලික, බෞද්ධ,මුස්ලිම් හින්දු අයයි. නමුත් මේ සියලු දෙනා වෙනුවෙන් අද දඩුවම් විඳින්නේ සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන්. ඒක අසාධාරණයි. අපිට විරුද්ධව විනය පරීක්ෂණ එපා. අධිකරණයේ නඩු පවරන්න එපා. පොලීසිය අකර්මණ්‍යය කරන්න එපා කියලයි ඉල්ලා සිටන්නේ.“

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මල්වතු අස්ගිරි මහ නා හිමිවරු  සතියකටවත් රට වහන්නැයි ජනපතිට ලිඛිතව දන්වති…

Next Post

දවසේ කතාව….. තවම කොවිඩ් සමාජ ගත වී නෑ… නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් කියයි

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.