මනම්පිටිය නිමල් ජයරත්න –
පාසල් මිදුල සුද්ධ පවිත්‍ර කරමින් සිටි සිව්දරු මවක පාසල තුළ දී වන අලි ප්‍රහාරයකින් මිය යැමෙන් අනතුරුව, ඇය වෙනුවෙන් පැවැත්වුන අවමංගල උත්සවය එම අනතුර සිදුවුන දිඹුලාගල අධ්‍යාපන කලාපයේ කැකුළුවල මහා විද්‍යාලය ඉදිරිපිට පවත්වා ප්‍රදේශයේ වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලකිරීමට කැකුළුවල ඇතුළු අවට ගම්මාන කිහිපයක ජනතාව කටයුතු කළහ.
22 දා උදෑසන 7.15 ට පමණ අරලංගවිල පාසල තුළ දී එම පාසල සුද්ද පවිත්‍ර කටයුතු කරමින් සිටි මවකට වන අලියකු පහරදීමෙන් පසුව මිය ගියාය. මෙලෙස මිය ගියේ කැකුළුවල අංක 189 ලිපිනයේ පදිංචිව සිටි නිලූකා රණවීර යන 42 වියති සිව්දරු මවකි.

කැකුළුවෙල, මල්දෙණිය, කනිච්චියාගල, ඇතුළු අවට ගම් කිහිපයක ජනතාව ඇයගේ දේහය කැකුළුවෙල විද්‍යාලය ඉදිරිපිටට පා ගමනින් රැගෙන ගොස් එම විද්‍යාලය ඉදිරිපිට තාවකාලික ටකරං මඩුවක් ඉදිකර දේහය තැන්පත් කළහ. එම ස්ථානයට මහා සංඝරත්නය වැඩම කරවා ආගමික වතාවත් සිදුකර අවසන් කටයුතු කිරීමට ගම්වාසීහු පියවර ගත්හ.
විරෝධතාකරුවන් සඳහන් සඳහන් කළේ කැකුළුවෙල මහා විද්‍යාලයට යන තම දරුවන්ගේ ජීවිතවලට වන අලීන්ගේ දැඩි තර්ජන එල්ල වී ඇති බවය. වන අලියා මේ සිවුදරු මව ඝාතනය කරන්නට පෙර පාසල් දරුවන් පසුපස ද පන්නා තිබිණි. පාසල තුලදී දරුවෝ පාසල් ගොඩනැගිල්ල තුළට වැදී බේරුණහ.
පාසල් වේලාව අතර පාසල් භූමිය තුළ දී වන අලි ප්‍රහාරයෙන් මිනිසුන් මිය යන රටක පුරවැසි ප්‍රදේශයේ පවතින වන අලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබාදීමට රජය වහා මැදිහත්වන ලෙසය.







