ශ්‍රියානි විජේසිංහ –
පාසල් දරුවන්ගෙන් සියයට 15ක් දෙනා අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙළෙන බව මේ වන විට හඳුනාගෙන ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර සඳහන් කරයි.
දරුවා රූපවාහිනිය ළංවී නරඹන්නේ නම්, ඇස්පුංචි කර නරඹන්නේ නම්, පාසලේ බෝඩ් එක බැලීමේ අපහසුවක් පෙන්නුම කරයි නම්, දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද වඩාත් සැලකිලිමත් විය යුතු යැයි හෙතෙම පවසා සිටියි.
මෙම තත්ත්වය අක්ෂි පරික්ෂාවකින්ම පමණක් හදුනා ගත හැකි බැවින් පාසල් මට්ටමින් සිදුකරන අක්ෂි පරික්ෂාවන්ට දරුවා යොමුකිරීමට දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයැයි විශේෂඥවරයා පවසා සිටියි.







