දැනට ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්තට පහරදීමට තැත්කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලිදරව් කරයි.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල විසින් අද දින සුසිල් ප්‍රේම්ජන්ත වෙත තම ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකුගේ ක්‍රීඩා කටයුත්තක් පිළිබඳ අභියාචනයක් භාර දීමට සභානායක කාර්යාලය වෙත පැමිණ ඇත.
මෙහිදී සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල අපේක්ෂා නොකර ආකාරයට “මට එක එකාගෙ ලියුම් වලට වැඩ කරන්න බෑ” යැයි කියමින් අභියාචනය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ අනපේක්ෂිත ප්‍රතික්ෂේප කිරීම සමග කෝපයට පත්වූ සුදත් මංජුල පරුෂ වචනයෙන් බැන වදිමින් සුසිල් ප්‍රේම්ජයන්තට පහර සැරසුන බව වාර්තා වේ.
කෙසේ වෙතත් සභානායක කාර්යාලයේ සිටි පිරිස වහාම මැදිහත් වී පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුලව පාලනය කර සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා ආරක්ෂිතව සභානායක කාර්යාලයේ සිට ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක කාර්වයාලයට රැගෙන ගොස් ඇත.







