අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර වැවක් වී දරුවන් පාසලකටවත් යවා ගන්න බැරිතැන පාරට බැස්ස කජුවත්තේ මිනිස්සු….

by editor
මාර්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දිඹුලාගල මල්දෙණියේ සිට දෙහිඅත්තකණ්ඩිය සහ පොලොන්නරුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය කිලෝමීටර් හතක් පමණ දුරට අබලන් වීම හේතුවෙන් බස් රථ ප්‍රවාහන පහසුකම් ඇනහිටිම නිසා පීඩාවට පත් ගම් හතරක පාසල් දරුවන් සහ ගම්වැසියන් වෙනුවෙන් මහා මාර්ගය පිළිසකර කර ගැනීම අපේක්ෂාවෙන් ගම්වාසීහු පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.

වසර ගණනාවක් සිට මෙම මාර්ගය අබලන් වීම හේතුවෙන් කජුවත්ත, කනිච්චියාගල, කැකුළුවල, මල්දෙණිය යන ගම්මාන හතරක පවුල් 4000 කට වැඩි සංඛ්‍යාවක් අන්ත පීඩාවට පත් වී ඇතැයි විරෝධතාකරුවෝ කීහ.

මේ වනවිට පාසල් දරුවන්ට ගමන් කිරීම සඳහාවත් කිසිදු බස් රථයක් එම මාර්ගයේ ගමන් නොකර බව විරෝධතාකරුවෝ සඳහන් කළහ.

මල්දෙණියේ සිට කජුවත්ත ගම්මානය දක්වා කිලෝමීටර් හතක් දුරට එම ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන්, ත්‍රීරෝද රථයකට, යතුරුපැදියට, පාපැදියකට තියා පයින්වත් යෑමට නොහැකි මට්ටමට විශාල වලවල් හෑරී ඇති බවත්, මේ පිළිබඳ අවස්ථා කිහිපයක දී බලධාරීන් දැනුම්වත් කළත් විසඳුමක් නොමැති හෙයින් මෙම විරෝධතාව සංවිධානය කළ බවත් ගැමියෝ කීහ.

මෙම මාර්ගයට සමගාමීව ප්‍රධාන ඇල ගමන් කරන අතර අවස්ථා දෙකකදී එම ඇළට බස්රථ දෙකක් පෙරළි අනතුරක් සිදුවූ බව ද විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මාර්ගය අබලන් වීම හේතුවෙන් පෞද්ගලික බස්රථ සහ ලංගම බස්රථ ගමන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉතා කඩිනමින් මෙම මාර්ගය පිරළිසකර කර නොදුනහොත් තමන් ඉදිරියේ පළාත් පාලන මැතිවරණය කිසිදු පක්ෂයකට ඡන්දය භාවිතා නොකරන බවත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම ගම්මාන හතරේ ජනතාව ප්‍රකාශ කළහ.

මෙම මාර්ගයේ බස්රථ ගමන් නොකිරීම පිළිබඳ අප පොළොන්නරුව ලංගම ඩිපෝවෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ දැඩි ලෙස වලවල් හෑරී ඇති බැවින් එම මාර්ගයේ ලංගම බස්රථ ගමන් කිරීමට හැකියාව නොමැතිව බවය.

මාර්ගයේ බස්රථ ගමන් කරන්නේනම් එම බස්රථ ඉක්මනින් දැඩිව අබලන් තත්ත්වයටද පත් වන්නේ යැයි ද ඔහු කීවේය.

අනතුරුව අප මේ ගම්වාසීන් විඳින අපහසුතාවය පිළිබඳ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රමගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සඳහන් කළේ එම මාර්ගය ඉතා කඩිනමින් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්, එම කටයුතු කරන තෙක් මාර්ගය තාවකාලිකව බොරලු පස්දමා හෝ සකසා එම මාර්ගයේ බස්රථ ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට අදාළ බලධාරීන් දැනුවත් කරන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න… කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි!

Next Post

ශ්‍රී ලංකාව පරදවා නවසීලන්ත කණ්ඩායම කඩුළු 02ක තියුණු ජයක් ලබයි!…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.