පානදුර වෙරළට 100කට අධික තල්මසුන් ගොඩ ගැසීම හේතුවෙන් ඔවුන් යළි මුහුදට යැවීමේ මෙහෙයුමට ලෝකප්‍රකට තල්මසුන් පිළිබඳ විද්‍යාඥවරියක් මෙන්ම සංරක්ෂණයේ ද යෙදෙන ආචාර්ය ආශා ඩී. වෝස් ද මේ වනවිට එක්ව තිබේ.
අද පස්වරුවේ සිට මෙලෙස තල්මසුන් විශාල සංඛ්‍යාවක් පානදුර ආශ්‍රිත වෙරලට පිහිනා එමින් ඇති බවට වාර්තා විය.
ඇය පවසන අන්දමට මෙම තල්මසුන් pilot wales වර්ගයට අයත් වන අතර ඔවුන් මුහුදට යැවීමේ කර්තව්‍යය තරමක් අසීරු සහ සංකීර්ණ එකකි.
මේ වන විට මේ සඳහා පුහුණු කරන ලද ඇයගේ විශේෂ කණ්ඩායමක්, වෙරළාරක්ෂක බලකාය, ප්‍රදේශවාසීන් ආරක්ෂක අංශ ද එක්ව මෙම මෙහෙයුමට සභාගී වී සිටි නමුත් මෙම රාත්‍රිය පුරාම මෙය දියත් කළද ඔවුන් ගල් පරයට එහාට රැගෙන යාම කිසිසේත්ම පහසු කාර්යයක් නොවනු ඇති බව ඇය පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් මෙවැනි තල්මසුන් තම ජීවන චක්‍රය තුළ මෙවැනි සිද්ධීන්ට මුහුණ දිය හැකි වන අතර එක තල්මසකු වෙරළ දෙසට පැමිණියහොත් රළ මගින් ඔවුන් වෙරළට ගෙන එන අතර ඒ පසුපසින් තල්මසුන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් මෙවැනි සිදුවීම වන බව ඇය පවසයි.
ඉතිහාසයේ වැඩිම තල්මසුන් සංඛ්‍යාවක් අතරමංවී මෙලෙස වෙරළට පැමිණ ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානු වෙරළට බව ඇය කියා සිටී.
එම අවස්ථාවේදී තල්මසුන් 470ක් වෙරළට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා බේරාගත නොහැකි වූ බව ඇය සඳහන් කළාය.
මෙම තල්මසුන් යළි සාගරය දෙසට පෙරළා දැමුවද ඔවුන්ට යා නොහැකි බවත් සිදුවන්නේ ඔවුන් රළ මගින් යළි වෙරළට ගසා ඒම බවත් ඇය විස්තර කරයි.
ගැඹුරු මුහුද දෙසට ඔවුන්ට මඟ පෙන්වමින් ගෙන යාම මගින් ඔවුන් බේරා ගත හැකි බව ඇයගේ අදහසයි.
එහෙත් මේ අවස්ථාවේ මෙම කර්තව්‍යය රටේ පවතින තත්වය හමුවේ ද තවත් අසීරු වී ඇති බව ඇය කියාසිටී.
Over 30 Whales 🐳 beached on Panadura Coast.Villagers, Police & Coast Guard managed to return them back to the sea successfully #LKA #SriLanka #Whales
Video – Shamila Rodrigo pic.twitter.com/HjFXjtSXbG— Shakir Thawfeek™ (@shakirrthawfeek) November 2, 2020