සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලයෙන් යැපෙන පොලිසියේ අතලොස්ස ගහන ගේම පාතාලයත් එක්කම ඉවර කිරීමේ වැඩපිළවෙළ සූදානම් … දැන් ඔබ අපට දුන් ජනවරමට හිස නමා රාජකාරිය හරියට කරන්න… නියෝජ්‍ය පොලිස් ඇමති පොලිසියට දන්වයි!

by editor
දෙසැම්බර් 26, 2024
in පුවත්
sunil-watagala
Share on FacebookShare on Twitter

පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටිමින් පාතාලයෙන් ජීවත්වන පොලිස් නිලධාරීන් ඉතා අතලොස්ස පාතාල මර්ධනයට විශාල බාධාවක් වී ඇති ආකාරය සම්බන්ධව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල අද (26) හෙළිදරවු කළේය.

සාම නිලධාරියා පාතාලයේ කප්පම්වලින් යැපෙන්නන් වූ විට ඇති වන තත්ත්වය කුමක්දැයි විමසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි සිද්ධියක් හේතුවෙන් රුවන්වැල්ල පොලිසියේ සියලුම නිලධාරීන් පාහේ මාරු කර යැවීමට සිදුවූ බව පැවසුවේය.

අද දෙරණ බිග් ෆෝකස් වැඩ සටහනට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

“පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ ඇත්ත කැපවීමෙන් වැඩ කරන ප්‍රමාණයක් ඉන්නවා. පොලිස්පතිවරයාට අවශ්‍ය වෙලා තියනවා අවංකවම මැදිහත් වෙලා මේක නවත්වන්න. නමුත් ඇත්ත කියන්න ඕන. පාතාල කුඩු මත්ද්‍රව්‍යවල යට පොලිසියේ පිරිසක් ඉන්නවා. මේක යට පඩිගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. කප්පම් වුනත් එහෙමයි. ඇයි රුවන්වැල්ල මුළු පොලිසියම මාරු කරන්න වෙන්නේ. අවිස්සාවේල්ල එහෙමයි. ඇයි එහෙම වෙන්නේ. පාතාල කල්ලි යට පොලිසිය ඉන්නවා.”

“පෙරේදා අයි.ජී ගෙනත් සාකච්ඡා කළා. පාතාලය මෙහෙයවන්නා මේ වනවිට ඉන්නේ මතුගම. හොරණ මතුගම මුළු ප්‍රදේශයම පාතාල කල්ලිය යටතේ ඉන්නේ. මිනිස්සු හෙළිදරවු වෙන්න බයයි. ඥාති එකතු වෙන්නේ නෑ. ඥාති විසිරිලා ඉන්නේ. හිතවතුන් මේකට සම්බන්ධ වෙන්නේ නෑ. සම්බන්ධ වෙන්න බයයි. ඒක රකින මිනිහා ගැන ඔත්තුව යනවා.”

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

“මේක අපි ප්‍රශ්නයක් විදිහට අරන් තියනවා. අපි ගත්ත ක්‍රියාමාර්ග සියල්ල මේ මාධ්‍යයක හෙළි කරන්න අමාරුයි. මත්ද්‍රව්‍ය සම්බන්ධව හා පාතාලය සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් තින්දු තීරණ ටිකක් ගන්නවා. ඒක ක්‍රියාත්මක කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්පතිවරයා සම්බන්ධ වෙලා. ඒවට අදාල මාර්ගෝපදේශය දෙනවා. අවශ්‍ය සියලුම පහසුකම් සපයනවා. රාජකාරිමය ගැටලු මතු වෙලා තියනවා නම් ඒක විසඳලා දෙනවා දේශපාලනඥයින් විදිහට. ”

“අප කරන්නේ පාතාලය මඩින්න එක්ස් වයි ඉසෙඩ් ආදී ලෙස පුද්ගලයින්ව නම් කරන එක නෙමෙයි. අපේ උවමනාව පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම. මම හෝ මගේ ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා හෝ අපේ ඕනෑම දේශපාලකයෙක් මේ මෙහෙයුම් වළක්වන්න මැදිහත් වෙනවා නම් බලපෑම් කරනවා නම් කරුණාකරලා දන්වන. මට එය අභියෝගයක් විදිහට කරන්න පුලුවන්. ඒක කවදාවත් එහෙම වෙන්නේ නෑ. එහෙමනම් එතන අපේ පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නෑ.”

“මේ අපරාධ මර්ධනය කිරීම සඳහා සම්පූර්ණ මෙහෙයුම දීලා තියෙන්නේ පොලිස්පතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට. ඔවුන්ට අවශ්‍ය නිදහස දීලා තියනවා කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නැතිව.”

“අපව බලයට පත් කළා තුනෙන් දෙකක ජන වරමකින්. සියයට 80ක් ඡන්දය දුන්නා රජයේ සේවකයො. පොලිසියේ මහත්තුරු අසූ අට දාහක් ඉන්නවා රජයේ සේවකයින් විදිහට. අසූ අට දාහක් වූ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා මහජන වරමට ගරු රකන්න. මහජන වරම බලාපොරොත්තු වෙන්නේ නෑ තවත් කුඩු ගංජා අයිස් පවත්වාගෙන යන එක. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ පාතාලය පවත්වාගෙන යන එක. මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටග පැවසුවේය. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුම්රිය වාරප්‍රවේශ පත්‍ර වෙනුවට ලබන අප්‍රේල් සිට පෙර ගෙවුම් කාඩ් පතක්….

Next Post

හබරණ කැබ් රථය තුළ පිලිස්සී මිය ගොස් ඇත්තේ ගම්පහ දෙකටන පදිංචිකරුවෙක්… ඝාතනයක් බවට තොරතුරු ලැබෙයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.