කීර්ති ප්‍රනාන්දු –
අංගොඩ ලොක්කා නැමැති සංවිධාන්මක අපරාධකරුව මෙහෙයවූ බව කියන පාතාල අපරාධකරුවා වූ සරත් කුමාර නොහොත් “චීටි” නමැත්තා අද (09) අළුයම පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.
අත්අඩංගුවට පත් වන විට ඔහු සිටියේ සිය නිවස තුළ තැනූ භූගත බංකරයකය. මෙම බංකරය පොලිසියෙන් බේරී සැඟව සිටින්නට ඔහු විසින් නිර්මාණයකර ගත්තකි.
ඉකුත් නොවැම්බර් මස වැලිගම ප්‍රදේශයේ දී හොරොයින් කිලෝ ග්‍රෑම් 112ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට ආදාල 9 වැනි සැකකරු මෙම පුද්ගලයා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බලකාය මගින් රට පුරා සෝදිසි කිරීම් සිදුකරමින් සිටි බව පොලිසිය කියයි. තැනින් තැන සඟවෙමින් සිටි මෙම පුද්ගලයා හදිසියේම සිය නිවසට පැමිණි බවට ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවස වටලා පරීක්ෂා කාරද්දී භූගත බංකරයක සිට ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබිණි.