බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රබල දේශපාලකයෙකුගේ අලුත් බෑණා තරුණියකට  වංචාකර පොලිස් කූඩුවේ…

රහසේ පැන ගොස් විවාහ වූ පසු පළිගන්න පැටලවූ නඩුවක් දැයි සැකයක්..

by editor
පෙබරවාරි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ සොයුරෙක් වූ ප්‍රාදේශීය දේශපාලන ප්‍රබලයෙකුගේ දියණිය සමග හොර රහසේ විවාහ වූ තරුණයෙක් වෙනත් තරුණියකගේ රුපියල් පනස් දහසක් හා රන් මාලයක් වංචා කිරීමේ චෝදනාව පිට මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

වාර්තාවන ආකාරයට කතාව මෙසේය

මෙම ප්‍රභල දේශපාලකයාගේ දියණිය හා දිවුලපිටිය මරදගමුල තම්මිට පදිංචි මෙම තරුණයා අතර වසරක කාලයක සිට ප්‍රේම සම්බන්ධයක් පැවතී ඇත. ඔවුන් දැන හඳුනාගෙන තිබෙන්නේ පල්ලියේ දී ය.

මීට දින කීපයකට පෙර මෙම තරුණයා හා තරුණිය හොර රහසේ පැන ගොස් විවාහ වී තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එම විවාහය සිදුකළ දිනයේම කටාන පොලිසියට පැමිණි  ඇඟළුම්කම්හලක සේවිකාවක් තම පෙම්වතාවූ ඉහත තරුණයා තමන්ව රවටා රන් මාලයක් හා රුපියල් පනස් දහසක් වංචා කළ බවට පැමිණිල්ලක් කර ඇත.

ඒ පැමිණිල්ල විභාග කිරීම සඳහා මෙම තරුණයා සොයාගෙන යනවිට ඔහු ප්‍රභල දේශපාලකයාගේ දියණිය සමග විවාහ වී ඇති බව තහවුරු වූ අතර පොලිසිය තරුණයාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවත්, ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව වරදකරු වී උසාවියෙන් රුපියල් 11000ක දඩයකට ලක් වූ අයෙක් බවත් පොලිස් ආරංචිමාර්ග කියයි.

මේ අතර තරුණයාගේ පාර්ශවයට දේශපාලකයාගේ පාර්ශවයෙන් තර්ජන, බියවැද්දීම්  ඇතැයි ඔවුන් දිවුලපිටිය පොලිසියට පැමිණි කළ බව පවසයි. එහෙත් දිවුලපිටිය පොලිසිය පවසන්නේ තමන්ට එවැනි කිසිම පැමිණිල්ලක් නොමැති බවය.

කටාන පොලිසියෙන් කළ විමසීමක දී පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේ මෙය සාමාන්‍ය සිදුවීමක් බවත්, පැහැරගැනීම් වැනි කිසිම දෙයක් සිදුවී නැති බවත් සිද්ධිය සමතයකට පත් කරන බවත්ය.

කෙසේ වෙතත් තරුණයා වෙනුවෙන් තරුණයාගේ පාර්ශවයෙන් දෙමව්පියන්වත් ඉදිරිපත් වී නැති බව වාර්තා වේ. වංචා කිරීම සම්බන්ධ චෝදනා මත තරුණයා අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිසුන් 72ක් අමු නිරුවත් කළ වළිකාමම් ගුරුවරු මානව හිමිකම් කොමිසම ඉදිරියට…

Next Post

ගුරුගොඩ ඔයෙන් හමුවූ මළසිරුරේ තතු හෙළිවෙයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.