රෝහල්වල පවතින උග්‍ර ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම් සෞඛ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, සහ වෛද්‍ය අන්වර් හම්දානි යන නිලධාරීන් සාකච්ඡා කරමින් සිටින අතර රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණයන් තුළ කිසිදු හිඟයක් නොමැති බව සඳහන් ලිපියක් ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කිරීම මවිතය දනවන්නක් විනැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීයෙක් සඳහන් කළේය.
එම ලිපිය නිකුත් වීමත් සමග ආධාර උපකාර කිරීමට කැමැත් පළ කරමින්සිටි විදේශීය පරිත්‍යාගශීලීන් සහ විදේශීය ශ්‍රී ලාංකිකයන් පරිත්‍යාගයන් කිරීමට මැලිකමක්ද දැක්වූ බව එම නිලධාරීයා පැවසීය.
කෙසේ නමුත් දැනට රටේ පවතින අස්ථාවරභාවයත් සමග බහුතරයක් දෙනා ආධාර ලබා දීමට මැලිකමක් දක්වන මොහොතක ඔවුන්ව කැමති කරවා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අවස්ථාවකදී ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය අමාත්‍යංශයට මුවා වී මෙවැනි ලිපියක් නිකුත් කළේ ඇයිද යන්න පිලිබදව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ටද ගැටලු සහගත තත්ත්වයක් යැයි ඔවුහු පෙන්වාදෙති.







