මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60- 65% අතර බව මැතිවරණ නීරීක්ෂණ සංවිධාන උපුටා දක්වමින් බීබීසීය වාර්තා කරයි.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක බීබීසී සිංහල වෙත පැවසුවේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින්ගේ උනන්දුවේ අඩුවීමක් දක්නට ලැබුණු බවය. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ද ඡන්දය ප්‍රකාශයට පත් කිරීමේ උනන්දුවේ අඩුවක් දක්නට ලැබුණු බවයි.
තැපැල් ඡන්ද ගණනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ තැපැල් ඡන්ද ගණනය කිරීම පස්වරු 4.15ට ආරම්භ කරන බවය. කොමිසමට අනුව ඡන්ද ගණනනය කිරීම රාත්‍රී 7.15ට ආරම්භ කෙරේ.
ගණන් කිරීම අවසන් වූ වහාම නිල ඡන්ද ප්‍රතිඵල මාධ්‍ය වෙත නිකුත් කරන බවත් එතෙක් නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසත් මැතිවරණ කොමිසම මාධ්‍ය වෙතින් ඉල්ලා සිටී. ඡන්ද ප්‍රදේශ ප්‍රතිඵලය සහ දිස්ත්‍රික් ප්‍රතිඵළය ප්‍රකාශ කරන්නේ ඒවා මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව අනුමත කිරීමෙන් පසුව බව ද කොමිසම දැනුම් දෙයි.







