මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 65ක සාමාන්‍යයක් පැවතීම මෙම මැතිවරණියේ කැපී පෙනෙන ලක්ෂණයක් බව නිරීක්ෂකයෝ පවසති.
ඡන්දය වෙනුවෙන් කුළු ගන්වන දැඩි ආතතිකාරී ප්‍රචාරණ යාන්ත්‍රණයක් නොමැති නිදහස් සහ නිහඬ පෙර මැතිවරණ කාලයක් පැවතීම මෙන්ම රාජ්‍ය බලය සහ රාජ්‍ය බලය අවභාවිතා කරමින් නීති විරෝධී ආකාරයට ප්‍රචාරණ යාන්ත්‍රණ ජන සමාජය මත පැටවීම ද මේ මැතිවරණයේ දී දක්නට නොලැබුන ආකාරය නිරීක්ෂකයෝ පෙන්වති. එහිම දිගුවක් වන්නේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය වාර්තාවන උතුරු පළාතේ වැඩිම මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සහිත උනුසුම්කාරී දේශපාලන වටපිටාවක් පැවතීමය.
මෙම මැතිවරණයේ ඉහළම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ මන්නාමර දිස්ත්‍රික්කයෙනි. එය සියයට 70කි. දෙවැනි තැනට පත්වන යාපනයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලය සියයට 69කි. සියයට 56ක ප්‍රතිශතයක් සහිත පුත්තලම දිස්ත්‍රික්කයෙන් අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වූයේය. ප්‍රකාශයට පත් නොකළ ඡන්ද ප්‍රමාණය දළ වශයෙන් අඩකට ආසන්න වීම කැපී පෙනුණි.
කොළඹ සියයට 65ක්, ගම්පහ සියයට 66ක්, කළුතර සියයට 64ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහත දැක්වේ.
- කොළඹ – 65%
නුවරඑළිය – 68%
කුරුණෑගල – 64%
මඩකලපුව – 61%
මාතර – 64%
පුත්තලම – 56%
අනුරාධපුර – 65%
බදුල්ල – 66%
මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
මුලතිව් – 63%ක්
පොළොන්නරුව – 65%
රත්නපුර – 65%
ගාල්ල – 64%
යාපනය – 69%
හම්බන්තොට – 60%
මාතලේ – 67%
කෑගල්ල – 65%
මොනරාගල – 63%
වව්නියාව – 65%
කිලිනොච්චිය – 62%
මහනුවර – 62%
කළුතර – 64%
අම්පාර – 62%
ගම්පහ – 66%







