අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොන්ටිසෝරි පිතිකරණයක්… පළමු විස්සයි 20 තරගය ලංකාව ලකුණු 38කින් පරදී

by editor
ජූලි 26, 2021
in පුවත්
cricket
Share on FacebookShare on Twitter

යළිත් පරාජයකි. ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ(25) කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 38ක අන්ත පරාජයක් ලැබුවේය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස්කළේය. මුලින්ම පන්දුවට පහර දුනනේ ඉන්දියානුවන්ය. තරයේ මුල්ම පන්දුවේ දී ආරම්භක පිතිකරු ප්‍රීත්වී ෂා දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් විය. එහෙත් ශිකර් දවාන් ලකුණු සහ සංජු සැම්සන් එක්ව පන්දු ඕවර හයක් තුළ ලකුණු 51ක සම්බන්ධතාවයක් ගොඩනැන්වුයේය. සංජු සැම්සන් පන්දු 20ක දී ලකුණු 27ක් ලබාගෙන තිබිය දී වනිඳු හසරංගට ගොදුරු විය.

තුන්වන කඩුල්ල ලෙස ශිඛර් දවාන් දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 113කි. ඔහු ලකුණු 46ක් පන්දු 36ක් තුළ ලබාගත්තේය. හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් එම ලකුණු 46ට ඇතුළත් විය.

මනරම් පිතකරණයක යෙදුණු සූරියකුමාර් යාදේව් පන්දු 34ක දී ලකුණු 50ක් රැස් කළේය. ඊට හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් අතුළත් විය.

හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 10කට දැවී ගියේය. නොදැවී ක්‍රීඩා කරමින් සිටියේ ඉෂාන් ක්‍රිෂාන් සහ කෘනාල් පාණ්ඩ්‍ය ය. ඉෂාන් ක්‍රිෂාන් එක් හයේ පරහක් හා හතරේ පහරක් සමග පන්දු 14ක දී ලකුණු 20ක් රැස්කරෙගෙන සිටියේය.

අකිල ධනංජය ඉන්දියානුවන්ගේ දැවැන්ත ප්‍රහාරයකට ලක් විය. පන්දු ඕවර තුනක දී එකම කඩුල්ලක්වත් නොලද ධනංජය ලකුණු 40ක් ප්‍රදානය කළේය. දුෂ්මන්ත චමීර ලකුණු 24ට කඩළු දෙකක්, චාමික කරුණාරත්න ලකුණු 34ට කඩුල්ලක්, වනිඳු හසරංග ලකුණු 28ට කඩුළු 02ක් ලබා ගත්තේය.

ඉන්දියාව පන්දු ඕවර 20 තුළ කඩුළු පහක් දැවී ලකුණු 164ක් රැස් කළේය. ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 165කි.

නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 18 පන්දු 3ක දී ලකුණු 126කට සියල්ලන්ම දැවී ගියහ. හුදකලා අභියෝගයක් එල්ල කළේ චරිත් අසලංක පමණි. ඔහු පන්දු 26ක දී හතරේ පහර සහ හයේ පහර 03 බැගින් එල්ල කරමින් පන්දු 26ක් තුළ ලකුණු 44ක් රැස් කළේය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 23ක දී ලකුණු 26ක් රැස් කළේය. දසුන් ශානක පන්දු 14ක දී ලකුණු 16ක් රැස් කළේය. අනෙක් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව පසුකළේ නැත. පොඩි දරුවන්සේ පිටිය මැද දී කඩුළු පූජා කළහ.

මනරම් පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් පන්දු ඕවර තුනයි පන්දු තුනක් පමණක් යවමින් ලකුණු 22කට කඩුළු 4ක් දවා ගත්තේය. දීපික් චහාර් ලකුණු 24ට කඩුලු දෙකක් ලබා ගත්තේය.

ඒ අනුව තරඟය ලකුණු 38කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා පන්දුවාර 20 ක්‍රිකට් තරග 20ක් පවත්වා ඇති අතර ඉන් තරග 15ක් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 05ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඉන්දීය කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කර ඇත්තේ 2018 වසරේදීය.

දෙරට අතර මේ දක්වා පන්දුවාර විස්ස තරගාවලි 07ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 06ක් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූයේය. එක් තරගාවලියක් අවසන් වුයේ ජය පරාජයෙන් තොරවයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඩු බර සිලින්ඩරේ මිල අද සිට අඩුවෙයි

Next Post

ඉන්දීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානියා ගුවනින් පැමිණ මන්නාරම අවට නිරීක්ෂණයේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.