පසුගිය මාස 09ක කාලය තුළ ආසන්න වශයෙන් හෙරොයින් ටොන් 1.3ක් සහ අයිස් මත්ද්‍රවය ටොන් 1.9ක් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පැවසුවේ හෙරොයින් කිලෝග්‍රෑම් 1,248 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 1,852 ක් පසුගිය මාස 09 නිමා වනවිට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු පැවසීය.
මීට අමතරව, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා පොලිසිය මහජනතාව සඳහා නව සම්බන්ධතා අංක ද හඳුන්වා දී ඇත.
මහජනතාවට මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු රහසිගතව වාර්තා කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ඨාස මට්ටමේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සම්බන්ධ කර ගත හැකි ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක බවත් එම දුරකථන අංක ඔස්සේ පොලිසියට මත්ද්‍රව්‍ය පිළිබඳ පැමිණිලි විශාල ප්‍රමාණයක් ගලාගෙන එන බවත් පොලිසිය කියයි.
මේ සෑම තොරතුරකම රහස්‍ය භාවය දැඩි ලෙස ආරක්ෂා කරන බව පොලිසිය සහතික කරයි.







