බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිසර ඇමති බබා… ඔහේ නිදි ද?. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් තිස් එකක පවුල් 29000ක් වන අලි නිසා අනාථයි…

by editor
ඔක්තෝබර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • අද උදේත් අක්කර ගණනක අඹ වගාවක් විනාසයි… පාඩුව මිලියන ගණනක්… විනාශ වෙලා තිබෙන්නේ අවුරුදු පහක් තිස්සේ ගොවි ජනතාව විසින් ගොඩනගපු ප්‍රාර්ථනාව…

  • සමාගම් කාරයින් අලි මංකඩ හරස්කර අලි වැට ගහලා… ගම් බිම් වනසන වන අලි නිසා ජන ජීවිත මෙන්ම අලි ජීවිතත් අනතුරේ… ගම් වදින අලි පන්නන්න අලි වෙඩිවත් දෙන්න බැරි ඇමතිගේ විද්‍යානුකූල විසඳුම එන විට බඩු බනිස්…

වැලිකන්ද කඩවතමඩුව ගම්මානයට අද ( 20 )  අලුයම කඩා වැදුන වන අලි රංචුවක්  ද අක්කර දෙකහමාරක, අස්වනු නෙලීමට ආසන්නව පැවැති අඹ වගාවක් සම්පූර්ණයෙන් විනාශ කර ඇති බව කඩවතමඩුව ගොවි සංවිධානය සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අනුග්‍රහය ඇතුව වසර පහක් තිස්සේ මෙම අඹ වගාව ගොවි සංවිධානය විසින්  සිදුකරගෙන ගොස් තිබිණි.

අඹ වගාව විනාශයි…

අස්වනු නෙලීමට ආසන්නයේදී  අඹ වගාව වන අලි විසින් සෑම වර්ෂයකම විනාශ කරන බවත්, රුපියල් ලක්‍ෂ දහයක පමණ පාඩුවක් මේ හේතුවෙන් තම ගොවි සංවිධානයට සිදුව ඇති බවත් කඩවතමඩුව ගොවි සංවිධානයේ සභාපති නිමල් අධිකාරි   සඳහන් කළේය.

මහාපරිමාන සමාගම්වල කුපාඩිකම –

වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සමාගම් තම තමන්ගේ වගාවන් සහ ගොඩනැඟිලි ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික අලි වැටවල් ඉදිකිරීමත්, වන අලි ගමන් කරන අලි කොරිඩෝ හරස් කරමින් අලි වැටවල් ඉදිකිරීමත් හේතුවෙන්, සෝමාවතී හා මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වන අලි ගම්වැදීම සිදුවන බව   කඩවතමඩුව ගොවි සංවිධානය පෙන්වා දෙයි.

මෙලෙස කඩවතමඩුව ගම්මානයට කඩා වැදී අඹ වගා විනාශ කෙරු වන අලි වැලිකන්ද මඩකලපුව ප්‍රධාන මාර්ගයේ    කඩවතමඩුව මංසන්දියේ තිබූ පෞද්ගලික වී වෙළඳසැලක් කඩා එහි තිබු වී මලු එළියට රැගෙන විනාශ කර ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

පුද්ගලික වෙළෙඳසල බිඳ වි උර රැගෙන ගොස් ඇති අයුරු…

අඛන්ඩ වන අලි තර්ජනය

මාදුරුඔය සහ සෝමාවතීය ජාතික වනෝදයෙන් පැමිණෙන වන අලි වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන   රැසකට දැඩි තර්ජනයක්ව ඇත. , වන අලියෙකු පහර දීමෙන් රුවන්පිටිය ගම්මානයේ අවුරුදු 74 ක වයසැති මවක  මේ වනවිට පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

බිඳ දැමූ නිවසක්…

මීට අමතරව වන අලියෙකු පහරදීමෙන් වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

අවුලට හේතුව වනජීවීයම කියයි

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින වන අලි තර්ජන සම්බන්ධව අප වැලිකන්ද වනජීවි කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී, එහි නිලධාරියෙකු සඳහන් කළේ,වන අලි ගමන් කරන මාර්ග හරස් කරමින්, පෞද්ගලික සමාගම්කරුවන් අලි වැටවල් ඉදිකර තිබීම  මාදුරුඔය සහ සෝමවති ජාතික වනෝද්‍යානයෙන් වැලිකන්ද ප්‍රදේශයට වන අලි ගම් වැදී මිනිස් ජීවිත හා දේපොළවලට හානි කිරීම ප්‍රධාන හේතුවක් බවය.

එලෙස ගම් වදින වන අලි පලවා හැරීමට තුවක්කු සඳහා පතුරම් මෙන්ම අලි වෙඩි නොමැතිකම ප්‍රධාන ගැටලුවක්ව පවතින බව එම නිලධාරියා පැවසුවේය.

මෙම ගැටලුකාරී තත්ත්වය නිසා තම නිලධාරීන් මෙන්ම වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාසයේ වසම් තිස් එකක පවුල් විසිනමදහක් පමණ දැඩි අසීරුතාවට පත්ව ඇති බවත්,  ගම්වදින වන අලින්ද ජීවිත තර්ජනයකට මුහුණපා ඇති බවත් වනජීවි නිලධාරීහු සඳහන් කළහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අදත් අනෝරා වැස්සක්…

Next Post

ඉදිරි පැය 36ක කාලය තුළ මහ ඔය සහ දැදුරු ඔය නිම්නයට ගංවතුර අවදානමක්…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.