පන්නිපිටියේ දී අද (29) සිදුවූ රියදුරකු මහමගට තල්ලු කොට උඩ පැන පහර දුන් පොලිස් නිලධාරියාගේ සේවය මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් තාවකාලිකව සේවය අත්හිටුවා තිබේ.
එම පොලිස් නිලධාරියා අමානුෂික ලෙස එම පුද්ගලයාට පහර දීම ඇතුළත් වීඩියෝව සමාජ ජාල තුල සංසරණය වූ අතර එය සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දීමට හේතුවිය.
පොලිස් නිලධාරියා අසභ්‍ය වචන භාවිතා කරමින් එම පුද්ගලයාට බැණ වදින ආකාරය ද වීඩියෝ පටයේ පටිගත වී තිබේ.
සිද්ධියේ පොලිස් නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙක් වන අතර සිද්ධිය සිදුවී ඇත්තේ පන්නිපිටියේ ය.
පනිපිටියේ රථවාහන පොලිස් නිලධාරියෙකුට ලොරි රථයක් ගැටීම නිසා රෝහල් ගත කර තිබේ.
පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා කළුබොවිල රෝහලට ඇතුළත් කළ පසුව ලොරි රථයේ රියදුරුට තවත් පොලිස් නිලධාරියෙකු විසින් පහර දී ඇත.