අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පඬු කරඳ ගුණවර්ධන!

by editor
ජූලි 15, 2023
in පුවත්
Bandula-G
Share on FacebookShare on Twitter

ගරු ඇමති තුමනි.

ඔබතුමාට මේ වග ලියා දන්වන්නේ මහත් වූ කම්පිත හැඟීමකිනි. දකින දකින හැම එකාම ඔබතුමාට පට්ට පදුරු යන්න බනින්නේය.

ඔබතුමා වැනි බෝධිසත්ව ගුණෝපේත, දිවි හිමියෙන් ප්‍රතිපත්ති රකින, කලකට ලොවකට පහළ නොවනා ජන නායකයෙක් සම්බන්ධව කියනා මේ කුප්ප කතා අසාගෙන ඉන්නට බැරිම තැන මෙසේ ඔබ අමතමි.

පළමු කරණාව නම් මහා ගුණ ඇති මහත්වරු නින්දා අපහාස හමුවේ නොසැලෙති. බුදුහාමුරුවෝත් ඒ බව කීහ. ඊට කියන්නේ “තාදි ගුණය” කියාය.  එබැවින් ඔබතුමා එක එකා කියන බලු කතා ගැන පශ්චාත්තාප වීමට උවමනා නැති බව අපේ හැඟීමය.

එසේ කියන්නේ හේතුවක් ඇතිවය.  දැන් අර දාරළුවේ පඬු කරඳ ගස ගැන බලමු. ඒ ගහ කපා දැමූ එක ගැන දැන් වැළලෙන්න හදන්නේ  මේ රටේ උන්ට ප්‍රශ්න නැතිවා සේය.

කොළයක් ගහක් මලක් කන්ටවත් බැරිනම් අහවල් ලබ්බකට එවැනි ගසක් රැකගත යුතුදැයි ඔබතුමාට මෙන්ම මටත් තේරෙන්නේ නැත. රතු දත්ත පොතක්දෝ මොකක්ද අහවල් පොතක් සම්බන්ධව කියන කතා මොක උනත් ඒ පොත ඔබතුමාත් මේ ලියන මාත් දැක නැති වහන්තරාවකි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පරිසර පණ්ඩිතයන් කියන්නේ ෆැබේසියේ (Fabaceae) කුලයට අයත් ඉංග්‍රිසියෙන් Sri Lanka Legume ලෙසත් විද්‍යාත්මක ව Crudia zelanica ලෙසත් හැඳින්වෙන පඬු කරඳ ශාකය විද්‍යාත්මක ව නාමකරණය කිරීමෙන් අනතුරු ව 1911 වසරෙන් පසු මෙරටින් වාර්තා වූ බවට විද්‍යාත්මක සාධක නොතිබුණු බවය.

පසුව 2019 වසරේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ග්‍රාම නිලධාරී වසමට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයට යටත් වන එච්. අයි. එම්. ඒ. මුණසිංහට අයත් ව තිබූ වන්දි ගෙවීමෙන් පසු පවරාගන්නා ලද ඉඩමෙන් වසර 108 තරම් පැරණි වූ යැයි කියන මේ ශාකය හිමේෂ් ජයසිංහ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පළමු වරට නැවත සොයා ගැනුණු බවය.

ඉන්පසු ව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන කිහිපයකින් මෙම ශාක විශේෂය වාර්තා කිරීමට ද හැකි වී ඇත්තේය. ගම්පහම හොඳින් වැඩුණු ගස් , පඬු කරඳ පැල වාර්තා වී ඇතිනම් මේ ගස රැකගෙන අහවල් ලබ්කට දැයි ඔබතුමා කල්පනා කිරීම හැම අතින්ම සාධාරණය.    ඔබතුමා වැනි ජන නාකයකයෙකුගේ  ගමනට හරස්වන ඕනෑම ගහක් නොව ඕනෑම එකෙක් කපා වළ දැම්මාට පවු නැත.  ඉතිහාසය ගලා ආවේ එහෙමය.

අනික ඒ ගහ ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතිනම් මේ කෑගහන ගොබිලන්ට අහවල් අමාරුවක් දැයි ඔබ  වෙනුවෙන් මම ප්‍රශ්න කරමි.  උන් කියන්නේ රටේ නීතියක් තියන බවත් නීතියට උඩින් කැබිනට් මණ්ඩලයට කටයුතු කරන්නට බැරි බවත්ය. උපන් දා සිට මේ රටේ ජීවත්වන මුන් මේ කතා කරන්නේ ගංජා ගසා දැයි කල්පනා කළ යුත්තේ මේ රටේ නීතියක් ඇතැයි උන් හිතන නිසාය.

ගරු ඇමති තුමනි.  එවැනි ඔල්මොරොන්දන් හීන දකින උන් හැම කාලකම හිටියේය. වැදගත් වන්නේ උන්ගේ ගහණය පාලනය කිරීමය. එසේ නොමැති වුවහොත් ඔබ තුමා වැනි ජන නායකන්ට   මීට අවුරුද්දකට පෙර සිටියා සේ ගෙයින් එළියට බැහැගන්නට බැරිවීමේ අවදානම තිබේ. මේ වනවිට ගරු ජනාධිපති තුමා ඒ කටයුත්ත  ඔබ වෙනුවෙන් සිදුකරනු දැකීම අප්‍රමාණ සැනසීමක් බව ලියා තබමි.

ඇත්තටම ඔබ තුමාට මේ ලිපිය ලියන්නට හිතුවේ සමාජ අවධානය වැඩි වශයෙන්ම යොමු විය යුතුව ඇති ඔබ තුමාගේ උත්තම කාර්යයක් ගැන යළිත් රටට අවධාරණය කරන්නටය.

මේ ගස් ගම්හප අවට ඇති තරම් තිබෙන බැවින් කැබිනට් අනුමැතියකින් ගස කපා වළදමා අතුරුදහන් කළ පසු ඔබතුමා පඬු කරඳ ගස් සංරක්ෂණය කිරීම සඳහා දියත් කර ඇති උත්තම ව්‍යාපෘතිය ගැන රට මීට වඩා අවධානයකින් බුහුමනට ලක් කළ යුතුව ඇතැයි විශ්වාස කරමි.

හෝමාගම ජම්බුගස්මුල්ලේ ඔබතුමාගේ නිවසේ පැල හතරක් වගා කර ඇති බව දැනගැනීම අප්‍රමාණ ප්‍රීතියට කරුණකි. එමෙන්ම ඔබ අති උත්කර්ෂවත් කටයුත්තක්  පසුගිය දා කළේය. උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු මාධ්‍ය කණ්ඩායමක් පිරිවරාගෙන දුම්රිය ඇන්ජිමේ සහායක අසුනේ ගමන් කරමින්  නවත්වන සෑම දුම්රිය පළකම ඔබතුමා පඬු කරඳ හිටවනු දැක ඇස් දෙකට කඳුළු ඉනුවේය.

මට මතක විදිහට ඔබතුමා පඬු කරඳ ගස් සංරක්ෂණය කිරීම සඳහා කිළිනොච්චියේත් මුලතිව්වලත් දුම්රිය ස්ථානවල පඬු කරඳ හිටෙව්වේය. මේ  දුම්රිය ගමනේදී ඉඩක් තිබුණානම් ඔබතුමා නන්දිකඩාල් කලපුව පඬු කරඳ යායක් කරනු ඇතැයි අපේ අත්තම්මා කිව්වේ සාදුකාර දෙමිනි. දැන් උන්දෑ ඔබතුමාට කියන්නේ පඬු කරඳ උත්තමයා කියාය.

එහෙත් අපේ මල්ලි මහා නොසන්ඩාල එකෙකි. ඌ මේ කතාව කියනකොට මහා කුප්ප කතාවක් කීවේය. කතාව පටන් ගත්තේ වැදගත් විදිහටය.

“  මෙච්චර කාලයක් සිද්ධ කරපු පරීක්ෂණවලින්   ඔප්පු වෙලා තියෙන්නෙ  පඬු කරඳ ගස් ස්වභාවිකව වැවෙන්නේ තෙත් කලාපයට අයිති ප්‍රදේශවල.  මෙච්තර කල් කරපු  පර්යේෂණවලදි    රක්ෂිත වනාන්තර තුළවත්  මේ වන තුරු මේ ගස් හම්බවෙලා නෑ.  තෙත් කලාපයේ ජනාවාස ලඟ පාතයි මේ ගහ හම්බවෙන්නේ.

“සංරක්ෂණය කරනවා කියන්නේ ඒ පැල උඹේ  ඇමතියා උගේ වත්තේ ගෙනත් හිටවන එක නෙමෙයි. ඒ ස්වභාවික පද්ධතිය ඇතුළෙ ආරක්ෂා කරන එක. “

මේකාගේ උද්ච්ඡ කතාවට මට අසූ හාරදාහට තදවුනේ ඔබතුමාගේ විචක්ෂණ වෑයමට අපහාස කිරීමට පටන් ගත් නිසාය.

අන්තිමට මට ඌ මෙහෙම කීවේය.

“ උඹගේ ඇමතිටය උඹටයි මම තේරෙන බාසාවෙන් කියලා දෙන්නම්.  දැන් උඹේ වෘෂණ කෝෂ දෙක ආරක්ෂා කරගන්න ඕන. හිතපන්කො සංරක්ෂණය කරන්නම ඕන කියලා. ඒක කපලා ගෙනත් සේප්පුවක දාලා වහලා යතුර අරන් “දැන් හරි… වෘෂණ කෝෂ සංරක්ෂිතයි” කියලා උඹට කියන්න පුලුවන් ද?”

මේ බල්ලාගේ කතාව  මට ඉහිලුම් ගියේ නැත. “ ඇයි යකෝ බැරි… ඉතින් ඒක පරිස්සම් නේ. මායියටවත් ඒක ගන්න බෑනේ මම කියන්නෙ නැතිව” මම කීවෙමි.

මේ පාහරයා මෙසේ කියාගෙන ඉන්න තැනින් පැන දිව්වේය.

“ කුට්ටම නම් පරිස්සම්. ඒත් පද්ධතිය මැරිලා…”

“ඇමතියට කියපන් මීඩියා සංදර්ශන දාගෙන පඬු කරඳ හිටවන් යාපනේ ගිය ගමනේ වියදමින් දහයෙන් එකක් වියදම් කළා නම් ගහ ඔතනම පැත්තකින් ගලවලා හිටවන්න තිබුණා කියලා”

මේ ඔල්මොරොන්දම් කතාවේ දිග පළල මට තවමත් තේරෙන්නේ නැත. ඒ ගැන පසුවට කල්පනා කරන්නට ඉඩ තබා ඔබතුමා වෙත  අවධාරණයෙන් තවත් කාරණාවක් කියමි.

මීට සතියකට පෙර කොටලීය පාලමෙන් පෙරළී මිය ගිය 11 දෙනා ගැනත් රටේ උන්   වැළලෙන්න හැදුවේය. ඒ පාලමක් පටු බව කියමිනි. මුන්ට පාලම් හදන්නට සත පහක් වියදම් කළ යුතු නැති බව මගේ විශ්වාසයයි. ඔබ එය හරියටම කීවේය.  රටේ කෝටි දෙක්ක මිනිස්සු සිටිති. මළේ 11කි. දිනපතා බඩගින්නේත් මන්දපෝෂණයෙනුත්  මිනිසුන් මැරෙන්න දමා ඇති රටක 11ක් මොන කජ්ජක්දැයි මුන්ට තේරෙන්නේ නැත.

ඉතින් ගරු ඇමති තුමනි.

අපට කවදාවත් අමතක නැත. ඔබතුමා අංක 16 ය. මහ දවල් කළ මහ බැංකු මහ මංකොල්ලය ගැන ජනගත කළ අසාහය ජන නායකයා ය. ඒ පට්ට පදුරු බැංකු හොරුන්ට යන එන මං නැති කළ මහජන වීරයාය. ඔබතුමා එසේ නොකළා නම් මේ වනවිට වැලිකඩ ඉන්නා   රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිය. එය වැළැක්වූ පිනට ඔබට නිවන් සැප පැතිය යුතුය.

අපි ඔබ ගැන දනිමු. මොකා මොනවා කිව්වත් ඔබ මහ මෙරක්  ඍජුව ඉන්නා බව විශ්වාසය. අප මළත් ඔබ වෙනුවෙනි.

ඉතින් ගරු ඇමති තුමනි. ඒ නිසා ලබන වාරයේත් නොවැරදීම හෝමාගමින් ඡන්දය ඉල්ලන්න.

ජනතාව ඔබ එනතුරු පුල පුලා බලා සිටිති.

එතෙක්

ගෞරවයෙන් බුදු සරණයි!

මම හින්නි අප්පුහාමි –

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ කොටුව – කන්කසන්තුරේ දුම්රිය ගමන් අද සිට නැවතත්

Next Post

ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 85ක් නියෝජනය කරන ජී 20

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.