සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථානයත් බංගලාදේශයත් නැති ක්‍රිකට් ලෝක කුසලානයක් ?… ඉන්දියාව ලෝකයට ක්‍රිකට් එපා කරයි ද?

by editor
ජනවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

2026 පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති දිනය  අද (21) ය.  ඊයේ (20 ) දිනයේ  පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය   ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට තියුණු ලිපියක් යොමු කළේය.

එම ලිපියේ සඳහන් ව තිබී ඇත්තේ අසල්වැසි රටවල් අතර පවතින දේශපාලන නොසන්සුන්තාවය හමුවේ ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය  ගෙන ඇති ස්ථාවරයට තමන් සහය දක්වන බවය.  මේ තත්ත්වය කලාපීය දේශපාලනයේ තීරණාත්මක විරෝධතා ප්‍රකාශයක් ලෙස සලකුණු වී තිබේ.

ඉන්දියාවේ දේශපාලනය මෙන්ම ඉන්දියාවේ ක්‍රිකට් ඒකාධිකාරිය හරහා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිදුවන පිළිගත නොහැකි පක්ෂග්‍රාහීත්වය ද කලාපීය රටවල් විසින්ම ඍජුව ප්‍රශ්නකරමින් ඇත.  එය ක්‍රිකට්වලට එපිටින් ඇති උණුසුම්වන විරොධතා දේශපාලනයක  තිගස්වන සුළු ප්‍රකාශනයකි.

ESPNcricinfo  වෙබ් අඩවිය වාර්තා කරන්නේ  පකිස්තාන ක්‍රිකට්  ආයතනය මෙම ලිපියේ පිටපත් ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ   අනෙකුත් සාමාජිකයින් වෙත ද යොමු කර ඇති බවය.

ඉන්දියාවේ පවතින ආරක්ෂක ගැටලු හේතුවෙන් බංග්ලාදේශයේ තරග ශ්‍රී ලංකාවට මාරු කරන ලෙස බංගලාදේශ ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය අද (21)  බදාදා දින විධායක මණ්ඩලයේ  රැස්වීමක් කැඳවා තිබේ. කෙසේ වෙතත්, මෙම මණ්ඩල රැස්වීම කැඳවීමට හේතු වූයේ  පකිස්ථාන ක්‍රිකට් ආයතනය    එවූ විද්‍යුත් ලිපිය ද යන්න නිශ්චිතව තහවුරු වී නොමැත.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

පකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින්  ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත  ලිපිය යොමු කළ කාලය පිළිබඳව යම් සැකයක් මතු විය හැකි වුවද, ලෝක කුසලාන කාලසටහන වෙනස් නොකිරීමට සහ තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවේදී බංග්ලාදේශයට ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදීමට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් ගෙන ඇති ස්ථාවරයට එයින් බලපෑමක් සිදු නොවනු ඇති බව  ESPNcricinfo වාර්තා කර තිබේ.

තේරුම් ගත යුත්තේ ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය සිය මතයේ දැඩිව පිහිටා සිටින බවය.  පසුගිය සතියේ බංගලාදේශයේ ඩකා නුවර පැවති සාකච්ඡාවල දී  ද බංගලාදේශ ක්‍රිකට් ආයතනය වෙත ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය තම නිශ්චිත ස්ථාවරය දක්වා ඇත.

එමෙන්ම බංග්ලාදේශ රජයේ සහය ඇතිව බංගලාදේශ ක්‍රිකට් ආයතනය මේ මොහොත වනතුරු    සිය කණ්ඩායමේ මූලික වටයේ තරග සඳහා ඉන්දියාවට යැවීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ICCය සහ බංගලාදේශ ක්‍රිකට් ආයතනය මින් පෙර අවස්ථා කිහිපයකදීම හමු වී සාකච්ඡා කර ඇති අතර, වඩාත්ම මෑතකදී පසුගිය සති අන්තයේ ඩකා නුවරදී හමු විය. නමුත් දෙපාර්ශවයම තම ස්ථාවරයන් වෙනස් කර නැත.

තරග සැලසුම් කළ පරිදිම පැවැත්විය යුතු බවට ICCය අවධාරණය කරන අතර, බංග්ලාදේශය පවසන්නේ තම කණ්ඩායම ඉන්දියාවට යැවිය නොහැකි බවය. තරගාවලිය ආරම්භ වීමට සති තුනකටත් අඩු කාලයක් තිබියදී, තීරණයක් ගැනීම සඳහා අද 21 (බදාදා) අවසන් දිනය ලෙස නියම කර ඇත.

මෙම අර්බුදයෙන් මිදීමට හැකි ක්‍රම පිළිබඳව සතියක් පුරා පැතිර ගිය විවිධ කටකතා මධ්‍යයේ  පකිස්ථාන ක්‍රිකට් ආයතනය   මෙයට මැදිහත් විය. බංග්ලාදේශයේ තරග පාකිස්තානයේ පැවැත්වීමට පකිස්ථාන ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇති බවටත්, වඩාත් ආන්දෝලනාත්මක ලෙස, බංග්ලාදේශයට සිදුවන දේ මත පදනම්ව පාකිස්තානය ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳව නැවත සලකා බලමින් සිටින බවටත් තහවුරු නොකළ වාර්තා පළ විය.

පකිස්ථාන ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති අතර ESPNcricinfo හි විමසීම්වලට ද ප්‍රතිචාර දක්වා නොමැති බව මේ සම්බන්ධව ලියැවුන වාර්තාවේ දැක්වේ.

මෙම අර්බුදය ආරම්භ වූයේ 2026 IPL තරගාවලිය සඳහා වන කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) සංචිතයෙන් මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය   උපදෙස් දීමත් සමඟය. ඒ සඳහා නිසි හේතුවක් මෙතෙක් පැහැදිලි කර නැති වුවද, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර දේශපාලන සබඳතා පළුදු වීම ඊට හේතුව ලෙස දක්වා ඇත. මේ තත්ත්වය බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී සිය තරග ක්‍රීඩා නොකරන බවට බංග්ලාදේශ රජය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට හේතු විය.

බංග්ලාදේශය ලෝක කුසලානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුවහොත් සිදුවන මූල්‍යමය බලපෑම පිළිබඳව විමසූ විට, බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් විවේචනය කරමින් කතා කිරීම නිසා වත්මන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියට ද බලපෑම් කරමින් එරට ක්‍රීඩකයින් තරග වර්ජනයක් දක්වා වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹුනේය.  දැන් ඒ තත්ත්වය සමථයකට පත් වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

GMOA නැගෙනහිර දියත් කර ඇති වැඩ වර්ජනය අසාධාරණ ඇයි?… සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කරුණු පහදයි!

Next Post

බංගලාදේශය ඉන්දියාවට ආවෙ නැතිනම් ලෝක කුසලානයෙන් ඉවතට… ICC  බංගලාදේශයට තීරණයක් ගන්න දවසක් කල් දෙයි…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.