සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නේපාල අරගලය ඉතිහාසයේ මුල්ම අගමැතිවරිය බිහි කරයි… රට යථා තත්ත්වයට…

by editor
සැප්තැම්බර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

නේපාලය තීරණාත්මක ලෙස සිය ඉතිහාසක කතාව වෙනස් කරගෙන තිබේ. නේපාල ඉතිහාසයේ ප්‍රථම අගමැතිනිය ලෙස  හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කි පත් කර ඇත.   ප්‍රචණ්ඩත්වය ප්‍රමුඛ වූ  දූෂණ විරෝධී විරෝධතා හේතුවෙන් අගමැති කේ.පී. ෂර්මා ඔලි ට ඉල්ලා අස්වීමට සිදුවීමෙන් අනතුරුව පිහිටවන අන්තර්වාර රජයේ  අගමැතිනිය ලෙස අද රාත්‍රියේ ද සුෂිලා දිවුරුම් දෙනු ඇති බව නේපාල ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

නේපාල ජනාධිපති,   නේපාල හමුදා ප්‍රධානී අශෝක් රාජ් සිග්ඩෙල් සහ නේපාලයේ අරගලයට නායකත්වය දුන් විරෝධතාකරුවන් අතර පැවති සාකච්ඡාවලින් පසුව ජනාධිපති රාම්චන්ද්‍ර පෝඩෙල්ගේ කාර්යාලය කාර්කිගේ පත්වීම අද නිවේදනය කළේය.

මේ සතියේ    ‘ජෙන් ඉසෙඩ්’ ව්‍යාපාරය විසින් සිදු කරන ලද දූෂණ විරෝධී විරෝධතාවලදී පුද්ගලයින් පනස් එක් දෙනෙකු මිය ගිය අතර 1,300 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම අරගලයට නායකත්වය දුන්නේ නේපාලයේ තරුණයින්ය. නේපාලය තුළ සමාජ මාධ්‍ය තහනමත් සමග මතුවී පැතිරී යන ජන පීඩනය අවසානයේ දී දැවැන්ත විරෝධතාවයක් වී රටේ අගමැතිවරයා ධූරයෙන් පහ කරනු ලැබුවේය.

 හිටපු අග විනිසුරු සුෂිලා කාර්කි 73න් හැවිරිදිය. ඇය නේපාල වේලාවෙන් අද රාත්‍රි 9.15 දිවුරුම් දෙන බව  ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරිනී අර්චනා කඩ්කා  පැවසුවාය. ඇය සමඟ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු ද දිවුරුම් දෙන බව ප්‍රාදේශීය රූපවාහිනී නාලිකා වාර්තා කළේය. ඒ ඇමතිවරු ඇයගේ කුඩා කැබිනට්ටුව නියෝජනය කරනු ඇත.

කාර්කී නේපාලයේ  අගවිනිසුරුවරිය ලෙස සේවය කළ එකම කාන්තාවය. කාර්කි ඇයගේ    අවංකභාවය සහ   දූෂණයට එරෙහි ස්ථාවරය සඳහා කීර්තිධර කාන්තාවක වූවාය.  විරෝධතාකරුවන්ගේ ප්‍රියතම තේරීම ඇය වීමට හේතුව එයය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

රට සාමාන්‍ය අතට

නව දේශපාලන එකඟතාවයන් සමග  මිලියන 30 ක ජනතාවක් සිටින රට අද (12) සවස්වන විට සාමාන්‍ය තත්ත්වයට පත් වූ විය.  සාප්පු නැවත විවෘත වූයේය. මෝටර් රථ නැවත මාර්ගවලට පැමිණියේය.  පොලිසිය මෙම සතිය මුලදී ඔවුන් භාවිතා කළ තුවක්කු වෙනුවට බැටන් පොලු අත දරා උන්හ. විරෝධතාවලදී මියගිය අයගේ මළ සිරුරු පවුල් වෙත භාර දීම ඇරඹිනි.

පෙර මෙන් හමුදා සොල්දාදුවන් අඩු සංඛ්‍යාවක් වීදි මුර සංචාරයේ  යෙදෙමින් සිටියේය. එහෙත්  සමහර මාර්ග තවමත් අවහිර කර තිබුණි. එහෙත් මිය ගිය තරුණයින්ගේ ඥාතීන් නගන අඳෝනා තවමත් නේපාලය කම්පනය කර තිබේ. කැරැල්ලේදී මිය ගිය අය අතර  විරෝධතාකරුවන්ගේ  කෲරත්වයට ලක් වී ඝාතනය වුන හිටපු අග්‍රාමාත්‍ය බිරිය Rabi Laxmi Chitrakar ද සිටින්නීය. විවාහ වී මසක් ගත නොකළ තරුණ සැමියන් සිටින්නේය. අනාගතය ගැන යහපත් බලාපොරොත්තු සහිතව විදී බට තරුණයින් සිටින්නේය. මේ මිනිස්සුන්ගේ ජීවිත ව්‍යසනය පරිත්‍යාගයක් ද, කඩාකප්පල්කාරී මුග්ධකමක්  ද යන්න තීරණය කරනු ඇත්තේ ඉතිහාසය ය.

ඒ කෙසේ වෙතත් දකුණු ආසියානු කලාපය දැන් අලුත් පණිවිඩයක් රැගෙන ඇවිත් තිබේ. කුපාඩිකම් දූෂණය සහ වංචාව තවදුරටත් වහලුන් සේ දරා නොසිටින බවය. ලංකාවෙන් ඇරඹුන ඒ ආදර්ශය බංගලාදේශය හරහා නේපාලයටත් පැමිණ ඇත. අපේ රටේ දැන් සිටින පාලකයින් ද අවබෝධ කරගත යුත්තේ කයිවාරුව ප්‍රායෝගික නොවන තැන ඇති විය හැකි ව්‍යසනය සියල්ල ගිනි තබා සුන්කරන සුසාන නිර්මාණය කළ හැකි බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රමිත රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණයේ  අධිචෝදනා ගොනු කරයි… කෙහෙළියගේ පුද්ගලික ලේකම් ලෙස සිට කෝටි 27ක අයථා දේපල උපයලා….

Next Post

පොලිස් වධකයන් සුන් කරමින් කෲර වධයට ලක් වූ පොඩි දරුවෙකුට පමා වී පැමිණි යුක්තිය… බලපිටිය අධිකරණයෙන් ඇසෙන කතාවක්!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.