බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරට දුන්නු ස්පුට්නික් එක මාත්‍රාවක් විතරක් වුනත් ඇති… මහාචාර්ය සිසිර සිරිබද්දන

කිසිම තැනක විද්‍යාත්මකව ඒ බව ඔප්පු කරලා නෑ… සෞඛ්‍ය අංශ ආරංචි මාර්ගම පෙන්වා දෙයි...

by editor
ජූනි 1, 2021
in පුවත්
Vaccine
Share on FacebookShare on Twitter
  • නුවරට දුන්නේ එන්නත් මාත්‍රා එක්ලක්ෂ අසූපන් දහසින් පනස් දහසක් විතරක් ලැබුණු නිසා… දෙවන මාත්‍රාව ලැබුණු ගමන් දෙනවා – ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන සැපයීම අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක
  • එන්නත් මාත්‍රා එකක් විතරක් ඇති – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු වැඩබලන සභාපති මහාචාර්ය සිසිර සිරිබද්දන
  • එක එන්නත් මාත්‍රාවක් විතරක් ඇති කියලා කොතනවත් විද්‍යාත්මකව තහවුරු වෙලත් නෑ… WHO කියලත් නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශ ආංචි මාර්ග
  • නුවර අයට එක එන්නත් මාත්‍රාවක් පමණක් දෙන වග  අපි දන්නෙ නෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ස්පුට්නික් එන්නතින් මාත්‍රා 185000 ක් ලැබීමට නියමිතව තිබුණද අදාල සමාගමයට සැපයීමට හැකිව ඇත්තේ මාත්‍රා 50000ක ප්‍රමාණයක් බැවින් එම එන්නත් මාත්‍රා 50000 නුවර ජනතාවට ලබා දීමට කටයුතු කළ බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන සැපයීම අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේය.

ඉතිරි එන්නත් ප්‍රමාණය ලැබීමෙන් අනතුරුව පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයින්ට දෙවන මාත්‍රාවද ලබා දීමට කටයුතු කරන බවද ලේකම්වරයා කීය.

කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමේදී පුද්ගලයෙකුගේ ශරීරයේ ප්‍රතිදේහ යම් කාලයකට නිපදවෙන අතර දෙවන මාත්‍රාව ලබා දීමේදී එම කාලය තවත් දීර්ඝ වන බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මාත්‍රා දෙකම ජනතාවට ලබා දීමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව සඳහන් කළ ලේකම්වරයා විදේශයන්ගෙන් එන්නත නොලැබුණද මෙරට එන්නත් නිෂ්පාදනය කඩිනමින් සිදුකිරීමට මේ වන විටත් කටයුතු යොදමින් පවතින බව ද පැහැදිලි කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

නුවර ජනතාවට ස්පුට්නික් එන්නතේ එක්මාත්‍රාවක් පමණක් ලබා දිම සම්බන්ධයෙන් අප ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු වැඩබලන සභාපති මහාචාර්ය සිසිර සිරිබද්දනගෙන් විමසුවෙමු.

එවිට ඔහු සදහන් කළේ “ ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මගින් මාස ගණකට ප්‍රතිශක්තිය ඇතිකරනවා. මෙන්ම වයිරසය ආසාදනය වුණත් අසාධ්‍ය තත්ත්වයට පත් වන්නේ නෑ“ කියාය.

මෙම එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන නමුත් දෙවන මාත්‍රාව ලබා දීමට එන්නත ලැබෙන්නේ නම් එය දීමෙන් එම පුද්ගලයාගේ මාස ගණනාවක් ප්‍රතිශක්තිය ගොඩනැගෙන බව ඔහු කීවේය.

ස්පුට්නික් එන්නතෙහි අතුරු ආබාධයන් නැති තරම් වන බැවින් එහි එක්මාත්‍රාවක් හෝ ලබාගැනීමට හැකිවීම වඩාත් යෝග්‍ය යැයිද ඔහු පෙන්වා දුන්නේය.

ස්පුට්නික් එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති වුවද ලොව පුරා රටවල් ගණනාවත් මෙම එන්නත විශාල වශයෙන් භාවිත කරන බවද වෛද්‍ය සිරිබද්දන සඳහන් කළේය.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේම ආරංචි මාර්ග හෙළි කරන්නේ වෛද්‍ය සිරබද්ධන පවසන මේ කතාව කිසිම අවස්ථාවක විද්‍යාත්මකව තහවුරු කර නැති බවය.
මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ මෙවැන්නකි.

නුරව ජනතාවට කොවිඩ් මර්දන ස්පුට්නික් එන්නත ලබා ගැනීමේදී “පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට කැමැත්තෙමි” යන්න මුද්‍රාවක් යටතේ ලියවිල්ලකට අත්සන් ගැනීම සම්බන්ධයෙන් තම සංගමය දැනුවත් නොමැති බවත් එම මුද්‍රාව වසංගතරෝග විද්‍යා අංශයේ දැනුවත් විම මත නිකුත්කළ දෙයක්ද යන්න පිලිබඳව වහාම හෙලිදරව් කළ යුතු යුතු බවත්ය.

කෙසේ නමුත් ලොව පුරා කොවිඩ මර්දනය එන්නත ලබා දීමේදී මාත්‍රා දෙකක් ලබා දෙන බවත් එක්මාත්‍රාවක් ලබා දීම මගින් ප්‍රතිශක්තිය සියයට 50කින් වර්ධනය වන අතර ඉතිරි සියයට 50 වර්ධනය වීමට නම් දෙවන මාත්‍රාව ලබා ගත යුතුව ඇතැයිද ඔහු අවධාරණය කළේය.



.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පෝට් සිටි කොමිසමට ගාමිණී මාරපන පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ රීති කඩකිරීමක්”

Next Post

වෛද්‍ය පාදෙනියට එරෙහිව ආ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.