මේ වනවිට නුවරට අයිස් වැස්සක් ඇදහැලෙමින් ඇත.
ධාරාණිපාත වර්ෂාවත් සමග අයිස් කැට ඇදවැටෙමින් තිබේ. බොහෝ මිනිස්සු සියලු වැඩ අත්හැර වැස්සේ වැටෙන අයිස් කැට ඡායාරූගත කිරීමටත්, වීඩියෝ කිරීමටත් උත්සාහ කරමින් සිටිති.
මේ දැක්වෙන්නේ වැසි ජලය සමග අහසින් ඇදහැලෙන අයිස් කැට කුඩු වී විසිරී ඇති අන්දමය.
මේ පිළිබඳව අප කළ විමසීමක දී හන්තාන අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරෙයක් ප්‍රකාශ කළේ වලාකුලකින් වතුර පහළට වැටෙන විට මැද ස්ථරයේ උෂ්ණත්ව අධික ලෙස පහළ ගියහොත් ජලය ඝනීභවනයව අයිස් බවට හැරීමෙන් මේ සංසිද්ධිය විය හැකි බවය. මට්ටම් තුනක උෂ්ණත්ව අන්තරයක් තුළ සිදුවන මේ සංසිද්ධියේ දී ඝනීභවනය වන අයිස් අවසන් ස්ථරයේ දී කැට සේ ඇද වැටෙන බව ද ඔහු පැහැදිලි කළේය.
මෙය කාලගුණ විපර්යාසක ප්‍රකාශනයක් විය හැකි බව ද මහාචාර්යවරයා කීවේය.