ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවෙන් ලැබෙන මුදල් ප්‍රේෂණ වැඩිවීමත් සමඟ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය 300ක් දක්වා අඩුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
විවෘත වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ගත් පියවර රුපියල ස්ථාවර කිරීමට සහ ආනයන අපනයන අතර පරතරය අඩු කිරීමට ඉවහල් වූ බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
“මෙමගින් රජයට අවශ්‍ය ඉන්ධන සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමටත් රුපියල තවදුරටත් ස්ථාවර කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා” යැයි ඔහු පෙන්වා දුන්නේය.







