පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයට හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අද (11) ප්‍රකාශයත් ලබාදුන්නේය.
කොමිසමේ විමර්ශන ඒකකය හමුවට මෙයට පෙර අවස්ථාවකදීද රාජිත සේනාරත්න මහතාව කැදවා තිබුණි. එහිදී ඔහු තම නීතීඥවරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව සදහන් කර තිබුණි. එහෙත් ඊට කොමිසමේ විමර්ශන ඒකකය අවසර ලබානොදීම නිසා ඔහු කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බව සදහන් කර තිබුණි.
ඒ අනුව කොමිසමේ විමර්ශන අංශය තීරණය කර තිබුණේ රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබා නොගෙන කොමිසම හමුවට ඉදිරිපත්කර සාක්ෂි විමසීමටය. ඒ බව දැනුම් දෙමින් රාජිත සේනාරතන මහතාට නැවත කළ දැනුම් දීමකට අනුව අද ඔහු විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.
රාජිත සේනාරත්න මහතා පෙරවරු 9.30 ට පමණ කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේය. පැය තුනක් පමණ එහිදී කොමිසමේ විමර්ශන ඒකකය ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.







