බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිය දෙබිඩි ද?. GMOAට දුන් තීන්දුව ප්‍රශ්න කර වෛද්‍යවරු පිරිසක් අධිකරණයට යෑමට සූදානම්!

by editor
ජනවාරි 26, 2022
in පුවත්

Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ වාර්ෂික විධායක කමිටු නිලවරණය පවතින සුදුසු දිනයකට කල් දමන ලෙසත්, නිලවරණය පැවැත්වෙන තුරු විධායක කමිටු සභිකයින්ගේ  හෝ ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට මැදිහත් නොවන ලෙසත්  2021 ජූනි මස 21 වැනිදා නියෝගයක් නිකුත් කළ  විනිසුරුවරයාම ලබන 29 දා පැවැත්වෙන නීතිඥ සංගමයේ තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම සම්බන්ධව ප්‍රශ්න කරමින් රජයේ වෛද්‍යවරුන් පිරිසක් අධිකරණයට යෑමට සූදානම් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් එම සංගමයේ  නිලවරණය පසුගිය ජූනි මස 26 දා පැවැත්වීම වළක්වන ලෙසට  නියෝගයක් නිකුත් කරන්නැයි    දිසා අධිකරණයට ගොනු කළ පෙත්සමක් විභාග කරමින්        එම නියෝගය ලබා දී තිබුණේ  කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ විසිනි.

පවතින කොවිඩ් 19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඡන්දය සුදුසු දිනයකට කල් දැමීමට එහිදී විනිසුරුවරයා නියෝග කළේය.

නිලවරණය පැවැත්වෙන තුරු විධායක කමිටු සභිකයින්ගේ  හෝ ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට මැදිහත් නොවන ලෙසද විනිසුරුවරයා සෙසු පෙත්සම්කරුවන්ට නියෝග කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

පවතින තත්ත්වය මත  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණේ නිලවරණය සුදුසු දිනයකට කල් දමන ලෙසයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය නියමිත කාලයට පවත්වා ගැනීම සඳහා අධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනු කර තිබුණු   වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මේ තත්වය තුළ කොළඹ නීතිඥ සංගමයේ සභාපති විජය ගමගේ  අමතමින්  එම නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම සඳහා නිරෝධායන  සහ  රෝග නිවාරණ නිසි බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇති ආකාරය ගැන තොරතුරු දැනගැනීමේ පනතේ විධි විධාන යටතේ    විමසීමක් කර ඇත.

ඉහත නිලවරණය සඳහා දැනට පවතින නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නිසි අවසරයක් ලබා ගෙන තිබේද යන්න දන්වන ලෙසත්, එසේ ලබා ගත්තේ නම් එහි සහිතක කළ පිටපතක් ලබා දෙන ලෙසත්, අවසර ලබා නොගත්තේ  නම් ඊට හේතුව පැහැදිලි කරන ලෙසත්, අදාල ප්‍රතිපාදන යටතේ නිලවරණය පැවැත්වේ නම් ඒ සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශයේ සහතික කළ පිටපතක් ලබා දෙන ලෙසත්  ඉල්ලමින් යැවූ එම ලිපියේ පිටපතක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය කල් දැමීමට නියෝග කළ ද කොළඹ නීතිඥ සංගමයේ නිලවරණයෙහි තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කරන දිසා විනිසුරු අරුණ අලුත්ගේ  වෙත ද යවා තිබේ.

මේ අතර පොදු නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දන්වන්නේ තමන්ට ලැබෙන විශ්වාසකටයුතු ආරංචි මාර්ග අනුව 4000කට අධික පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණයට ගෙන්වා පවත්වන්නට යන මෙම නිලවරණය සඳහා සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නෛතික අවසරය ලබාගෙන නැති බවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඒක හොර ගුහාවක්… ඉල්ලා අස්වූ කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති කියයි….

Next Post

බටහිරට එරෙහිව චීනයෙන් නව තාක්ෂණික මෙහෙයුමක්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.