ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නීතිපති සංජය රාජරත්නම්ගේ මාස 06ක සේවා දිගුව අනුමත කිරීම ඊයේ (10) රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කල්දමා තිබේ
අදාල යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී ඇති නමුත් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව එහි දී තීරණය වී ඇත.
නීතපතිවරයාගේ සේවා දිගුව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනිවාර්ය ය.
ලබන 18 වන දින යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර එහිදී නීතිපතිවරයාගේ සේවා දිගුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර ඇත.
මේ මස අවසන් වනවිට නීතිපති සංජය රාජරත්නම් ගේ සේවා කාලය අවසන් වී ඔහු විශ්‍රාම යෑමට නියමිතය. කෙසේ වෙතත් නීතිපතිවරයාගේ සේවා දිගුව ලබා දීම සඳහා ජනාධිපති නිර්දේශයට සමාජය තුළ බරපතල විරෝධයක් නිර්මාණය වෙමින් ඇත.
නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මේ මස අග අවසන් වීමට නියමිත අතර ඔහුට තවත් මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
අදාළ යෝජනාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවිය යුතු අතර මීට පෙර ද ඒ සඳහා අනුමැතිය ලබාදීම කල් දමා තිබිණි.