ලලිත් චාමින්ද-
හය වන ඌව පළාත් සභාවේ නිල කාලය අවසන්විමෙන් පසු පළාත් සභාවේ සභාපති ධුරය නාමික තනතුරක් බවට පත්ව තිබියදි සභාපතිවරයාට මාසික ප්‍රවාහන දිමනාවක් ලෙස රුපියල් මිලියන 16.3ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම සභාපතිවරයාගේ පුද්ගලික කාර්යමණ්ඩලයේ නිලධාරින් 11 දෙනෙකු වෙනුවෙන් පළාත් සභාවට කිසිදු සේවයක් ලබා ගැනිමෙන් තොරව වැටුප් හා දිමනා වශයෙන් රුපියල් මිලියන 18.20ක මුදලක් ගෙවා තිබුණි. අවම වශයෙන් ඔවුන්ගේ පැමිණිම පිටවිම සටහන් කිරිම සදහා ලේඛණයක් හෝ නඩත්තු කර නොතිබුණි.
2019 වර්ෂයේ ඔක්තෝබර් මස 08 වැනිදින සිට මෙම ගෙවිම සිදුකොට ඇති අතර පළාත් සභාව සතුව වාහන තිබියදි සභාපතිවරයාට සුදුසු වාහනයක් ලබාදි වියදම අවම කිරිම වෙනුවට මාසික ප්‍රවාහන දිමනාවක් ගෙවිමට කටයුතු කර ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
කෙසේවුවද සභාපතිවරයා එකී කාලය තුළ පළාත් සභාව වෙත පැමිණිම හෝ ඔහු විසින් සිදුකරණු ලැබු රාජකාරි කටයුත්තක්ද නිරික්ෂණය නොවු බව විගණන වාර්තාවේ සඳහන් වේ.