ශ්‍රියානි විජේසිංහ
ගුවන්තොටුපලේ ඉදිකල රසායනාගාරය සදහා නව තාක්ෂණයෙන් යුතු පීසීආර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරිමට පරිත්‍යාගශීලියෙකු සති පහකට අදික කාලයක් බලා සිටියද සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සදහා අවසර ලබා දී නොමැති බව රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති රවීකුමුදේශ් මහතා සදහන් කරයි.
මෙම නවීනතම යන්ත්‍රය ගුවන්තොටුපල පරිශ්‍රයේ ආරම්භකල රසායනාගාරය වෙත ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා පවා අවසර දී තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ඒ සදහා අවශ්‍ය කටයුතු නොකරනබවද හෙතෙම පැවසීය.
මෙම යන්ත්‍රය ලබා දීමට හැකි ඉක්මනින් කටයුතු කරන්නේ නම් ඉදිරියේදී විදේශයන් හී සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පීසීආර් පරික්ෂණ වාර්තාව පැයක් ඇතුලත ඔවුන් අතටම ලබා දීමට හැකි වනු ඇතැයිද කුමුදේශ් මහතා සදහන් කළේය.
කෙසේ නමුත් පීසීආර් වාර්තාවක් ලබා දීමට පැය හයක පමණ කාලයක් ගත වුවද මෙම යන්ත්‍රය මගින් පැයක් වැනි සුළු කාලයක් තුලදී වාර්තාවක් නිකුත් කළ හැකි බැවින් ඔවුන් වෙනදාට වාර්තාවක්ලබා ගැනීම සදහා වැය කරන කාලය පැය පහකින් අඩුවනු ඇතැයිද සදහන්වේ.
ගුවන්තොටුපල රසායනාගාරයට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් දිගින් දිගටම එල්ලවන කුඩම්මාගේ සැලකිල්ල පිළිබදව තම සංගමය ජනාධිපතිවරයාව දැනුවත් කිරීමටද කටයුතු කළ බව කුමුදේශ් මහතා අවදාරණයකළේය