බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“නැඟෙනහිර කැලෑ ඉඩම් අන්තවාදීන් අල්ලාගෙන”- ඥානසාර හිමිගෙන් චෝදනා

by Lanka Sara Editor
ජනවාරි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නැගෙනහිර පළාතේ කැලෑබද ඉඩම් විශාල ප්‍රමාණයක් නීත්‍යානුකූල නොවන අයුරින් අන්තවාදීන්ගේ පිරිස් අතට පත්වෙමින් තිබෙන බව, එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පැවැසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද(28) සවස වැලිකන්ද වඩමුණේ සහ ඓතිහාසික නෙලුගල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගලබොඩඅත්තේ ඥානසාර නාහිමියන් වැලිකන්ද වඩමුනේ වසර 126 ඉපැරිණි හින්දු කෝවිලක් නැරඹීමටද එක්වූහ.

එහිදී හින්දු කෝවිලට අයත් ඉඩම් අක්කර 58 ක් අන්තවාදීන් විසින් බලහත්කාරයෙන් අල්ලා කුඹුරු වගා කිරිම පිළිබඳ හින්දු භක්තිකයන් විසින් ඥානසාර හිමිට කරුණු දැක්වීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් මෙලෙස පැවසූහ.

“අද අපි මේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ආවේ මේ ප්‍රදේශයේ දමිළ ජනතාවගේ විශේෂ ඉල්ලීමක් අනුව. කීප වතාවක්ම ඉල්ලීමකුත් කරා තමන්ට වෙලා තියෙන අසාධාරණයට ඉදිරිපත් වෙන්න කියලා. මේ ප්‍රදේශයේ යුද්ධ කාලෙ සිංහල අයට වගේම දමිළ අයට ලොකු අසාධාරණකම් වෙලා තියෙනවා. යුද්දේ කාලේ ඒ අය වාලච්චේන ප්‍රදේශ්වලට ගොස් අනාථ කඳවුරුවල ජීවත් වුණේ. එද්දි ඒ අයගේ සියලු සේසත් මේ පළාතේ යම් යම් අන්තවාදීන් කණ්ඩායම් විසින් අත්පත් කරගෙන තිබෙනවා. මේ ජනතාවට සිදුවී තිබෙන අසාධාරණකම් සියල්ල නිවැරදි කළ යුතුයි.

අපිත් දන්නවා නැගෙනහිර පළාතේ බොහෝ කැලෑබද ඉඩම් අන්සතු වෙමින් පවතිනවා. ඒවා එහෙම වෙන්න බෑ. මේවා කාගෙවත් බූදල් නෙවෙයි, මේ කෝවිල් පුදබිමට අයිති අක්කර පනස් අටක් පමණ අන්තවාදීන් විසින් බලෙන් අත්පත් කරගෙන වී වගා කරනවා. ඒ වරද නිවැරදි කළ යුතුයි .අපි ඒ ගැන අදාළ පාර්ශව එක්ක සාකච්ඡා කරනවා. ඒ කරලා සාධාරණ විසඳුමක් ලබා දෙනවා. මේක තමයි අපේ රටේ තුච්ච දේශපාලනය කියන්නේ, අපේ මහ එවුන් රට වසර ගානක් පාලනය කරත් මේ අසරණ ප්‍රජාවගේ ඉල්ලීම් ඉටු වෙලා නෑ. මේක තව තවදුරටත් දිගින් දිගටම නොවිය යුත්තක් ලෙසයි අපි දකින්නේ. ඒ නිසා දේශපාලන බලාධිකාරිය කවුරු කළත් මේ වගේ වැඩ වැරදියි, අපි මේවට වහාම මැදිහත් වෙනවා” යැයි ද ගලබොඩඅත්තේ ඥානසාර නාහිමියන් සඳහන් කළහ.

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍යපාද දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝ සංඝරත්නය මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

මෙම අවස්ථාවට, වැලිකන්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක , වාලච්චේන පොලිස් ස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර, මහත්තුරු ඇතුළු වඩමුනේ, උත්තුචේන යන ගම්මානවල සිංහල දමිළ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලට දිනකට ඇන්ටිජන් කට්ටල 1000ක් අවශ්‍යයයි… ලැබෙන්නෙ 200යි.. 

Next Post

අවුරුදු කනවද නැද්ද?. තීන්දුව ඔබ අතේ… සෞඛ්‍ය අංශය කියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.