ගුරු හිඟය වළක්වා ගෙන සැම දරුවෙකුටම සාධාරණ අධ්‍යාපන ප්‍රවේශයක් ලබා දීම සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ගත් තීන්දුවක් ප්‍රකාරව අවුරුදු 10කට වැඩි කාලයක් ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් සහ ජාතික පාසල්වල අතිරික්ත ගුරුවරුන් උචිත පරිදි මාරු කිරීමත් සම්බන්ධ තීන්දුව කොළඹ නාලන්දා විද්‍යාලයට ක්‍රියාත්මක නොවීම පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල විසංවාදයක් නිර්මාණය කර තිබේ.
අවුරුදු 10ට වැඩි සේවා කාලයක් විද්‍යාලයේ සපුරා ඇති ගුරුවරුන්ට මාරුවීම් ලැබුණත් එම විද්‍යාලයේම රැඳි සිටින බව නාලන්දා විද්‍යාලයීය ආරංචි මාර්ග පවසයි.
අවුරුදු 14ක සේවා කාලයක් සපුරා ඇති එක් ගුරුවරයෙකුට මාරුවීම ලැබී අනුප්‍රාප්තිකයා ලෙස වෙනත් ගුරුවරයෙක් විද්‍යාලයට අනුයුක්ත කර තිබියදීත් ඔහු සිය ස්ථානමාරුව නොසලකා විද්‍යාලයේම රැඳී සිටින බවත්, අනුප්‍රාප්තික ගුරුවරයා කාලසටහනක් නොමැතිව විවේකාගාරයේ සිටින බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අමත්‍යාංශ මට්ටමේ තීන්දු ගන්නා නාලන්දා ආදි ශිෂ්‍ය පිරිසක් සහ විදුහල්පතිවරයාගේ මැදිහත්වීම මත සිදුවන මෙම අනීතික හැසිරීම කොළඹ වෙනත් කිසිම උසස් පාසලකින් වාර්තා නොවන බව ද දැනගන්නට ඇත.







