අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල්ලා රනිල් එපා කියයි… කාංචන රනිල් ජනපති කරන්න පොහොට්ටුවේ මහ පලුව කඩාගෙන එන බව කියයි!

by editor
ජූනි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පොදු ජන පෙරමුණේ අපේක්ෂාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවිම බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැන් ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට සන්නිවේදනය කිරීම පමණක් බවත් විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද (30) පැවසුවේය.

අද මාතර කොටුව ක්‍රීඩාංගනයේ දි පැවැත්වූ එක්ව ජය ගමු අපි මාතර ජන රැළිය අමතමින් කාංචන විජේසේකර පැවසුවේ ජනාධිපතිවරණය නම් කළ විගස පොදු ජන පෙරමුණේ මහ පළුවම ගැලවී ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය දැක්වීමට පෙළ ගැසෙන බව කාංචන විජේසේක පැවසුවේ පක්ෂ නායකයින් නොවන කීප දෙනෙක් කියන විවිධ කතා පිළිබඳ කිසිවෙක් සලකන්නේ නැති බව දක්වමිනි.

කාංචන විජේසේකර ඇමතිවරයා මේ ප්‍රසිද්ධ ප්‍රකාශය සිදුකරන්නේ පක්ෂයේ මහලේකම්, පක්ෂයේ ජාතික සංවිධායක සහ පක්ෂයේ තවත් ප්‍රබලයින් පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙනවාට වඩා පොදු ජන පෙරමුණේම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට නම් කරන බවත් රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්නේ පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති නොවන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දී ය.

කාංචන විජේසේකර අද මෙසේ කීවේය.
ඔබ අහයි පොදුජන පෙරමුණ තීන්දුවක් අරන් ද තියෙන්නේ කියලා. ඔබතුමන්ලා එකතුවෙලා ද මේ යන්නේ කියලා. රමේෂ් පතිරණ ඇමතිතුමා, මීට පෙර කතා කරපු සබ්රි ඇමති තුමා, ප්‍රසන්න රණතුංග ඇමතිතුමා, වෙලාව අඩු නිසා කතා නොකර වාඩි වෙලා ඉන්න මහින්දානන්ද ඇමතිතුමා ඇතුළුව පොදු ජන පෙරමුණ නියෝජනය කරන පොදුජන පෙරමුණ නියෝජනය කරන අපි හැමෝගෙම බලාපොරෙත්තුව තියෙන්නේ ඔබතුමා ජනාධිපතිවරණය ඉදිරිපත් කරවලා ජයග්‍රහණය කරවන්න.

මම දන්නවා අපේ පක්ෂ නායකයන් ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නවා. පක්ෂ නායකයො නොවන කිහිප දෙනෙක් විවිධ කතා කියන්න පුලුවන්. එහෙම කතා පහුගිය කාලෙත් කියලා තියනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ සියලු දෙනා දන්නවා පොදු ජන පෙරමුණේ ඉන්නේ දේශපාලන තීන්දු ගන්න බය මිනිස්සු නෙමෙයි කියන එක. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැස්සෙත් එදා දවසේ ඒ පක්ෂ නායකයා රටට අවශ්‍ය නිසි තීන්දු තීරණ ගත්තේ නැති නිසා. පොදුජන පෙරමුණ කියන දැවැන්ත පක්ෂය අපි බිහි කළේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන්. මම විශිවාස කරනවා පොදු ජන පෙරමුණේ නායකයාත් පක්ෂ නායකයකනුත් හොඳ අවබෝධයකින් ඉන්නවා විතරක් නෙමෙයි, ජනාධිපතිවරණය නම් කළ විගස පොදු ජන පෙරමුණේ කොටසක් නෙමෙයි, කෑල්ලක් නෙමෙයි, පොඩ්ඩක් නෙමෙයි, මහ පලුවත් එක්කම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පෙළ ගැසෙනවා කියලා අපි දන්නවා.

ඒ නිසා ඔබතුමාට සන්නිවේදනය කරන්න විතරයි ත‍ියෙන්නේ ඉදිරිපත් වෙන බව සහ සහ ප්‍රචාරණය පටන් ගන්න දවස.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාගල එක්ක හෙට සාකච්ඡාව අසාර්ථක නම් සියලුම ග්‍රාම නිලධාරීන් අන්ද්දා සිට පූර්ණ වැඩ වර්ජනයක!

Next Post

තාවකාලික කොන්ත්‍රාත් එක ඉවර වෙන්න ලඟයි… රනිල් එක්ක ගමනක් නැති බව සාගරලා නාමල්ලා කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.