පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට පැමිණියේය.
කාදිනල් හිමිපාණන් මුණ ගැසී උන්වහන්සේ ගේ ආශිර්වාද ලබා ගත් නාමල් රාපක්ෂට කාදිනල් හිමිපාණන් අනුශාසනා කර ඇත්තේ තරුණ නායකයකු ලෙස ජනතාව නගාසිටවා රටේ අනන්‍යතාවය රැකෙන ලෙස වැඩකටයුතු කරන ලෙස බව නාමල් රාජපක්ෂට සම්බන්ධ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය ට වගකිවයුතු අය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන කොම්ෂන් සභාවක් පත් කිරීමේ අවශ්‍යතාවය ද කාදිනල් හිමිපාණන් නාමල් රාජපක්ෂ වෙත අවධාරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් පරික්ෂණ කිරීමට අධිකරණමය ස්වාධීන කොම්ෂන් සභාවක් පත්කිරීමේ අවශ්‍යතාවය නාමල් රාජපක්ෂ විසින් ද පිළිගෙන ඇත.







