බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල්… කලබල වෙන්න එපා… නඩු මග එනවා… කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස නඩු කෝ අහන අයට උත්තර දෙයි!

by editor
දෙසැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නඩු කෝ අසමින්  නාමල් රාජපක්ෂ ඇතුළු දූෂණවලට සම්බන්ධ කණ්ඩායම් නගන ගෝසාවට යට නොවී කාලය රැගෙන ඉලක්ක චෝදනා සඳහා නෛතික ක්‍රියාමාර්ගවලට එළඹී නියත දණ්ඩනයට අදාල පුද්ගලයින් නතු කරන බැවින් ඉවසිමෙන් බලා ඉන්නැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද  ඉල්ලා සිටියේය.

අන්තර්ජාතික තලයේ දූෂණ චෝදනා ලද ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය රටට ඇතුළුවීමට පනවා ඇති තහනම වත්මන් රජය විසින් සිදුකරගෙන යන දූෂණ විරෝධී සහ දූෂකයින්ට දඬුවම් දීමේ නෛතික ක්‍රියාවලියට උත්තේජනයක් සපයන බවත් මේ සිද්ධිය මුල් කරගෙන ද තමන්ට නඩු කෝ යැයි නොවිමසා ඉවසීමෙන් බලා සිටින ලෙසත්  කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා  වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

” අප පසුගිය කාලයේ දී මෙවැනි ආකාරයේ දූෂණ සම්බන්ධව බරපතල ලෙස හඬ නගපු කණ්ඩායමක්. අප ජනතාවට පොරොන්දු වුනා මෙවැනි ආකාරයේ දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඒ අනුව අප කටයුතු කරමින් යනවා. ප්‍රමාද වූ සහ අත් හිටුවන ලද විමර්ශන යළි ආරම්භ කරලා තියනවා. නඩු පැවරීම් කටයුතු කරනවා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නඩු පැවරීම සදහා අපට දූෂණවලට සම්බන්ධ අයගේ ඝෝෂාවට අපි යට වෙන්නේ නෑ. මම දැක්කා පහුගිය කාලෙදි කෝ අපට නඩු දැම්මද, කෝ හොරු ඇල්ලුව ද, කොයි උසාවියෙ ද නඩු දැම්මේ වගේ දේවල් මේ ගොල්ල අහනවා.
ඒ නිසා නාමල් රාජපක්ෂ ඇතුළු ඒ කණ්ඩායමට ඕන්නම් මේ තීන්දුවත් එක්කත් අහන්න පුලුවන් කෝ මොකද කළේ කියලා.

අපේ රජය ප්‍රමාණවත් කාලයක් ලබා ගැනිමින් නිසි පරිදි විමර්ශනය කරලා මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ කරුණුවලින් ඔප්පු වෙමින් යන්නේ ඇත්තටම මිග් යානා ගනුදෙනුව සහ එයාබස් ගනුදෙනුව සම්බන්ධව අදාල පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දි ලංකාවේ රජයටත් මේක පහසුවක් වේවි. මොකද . සමහර ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ අපේ සීමාව ඇතුළෙ නෙමෙයි. ජාත්‍යාන්තර මට්ටමේ දි. ඒ රටවල සහායත් ලබා දේවි. මේ තීන්දුව මා හිතනවා ලංකාවේ දූෂණ වැලැක්වීමේ ක්‍රියාවලියට සහ දූෂිතයන්ට දඬුවම් කිරීමේ ක්‍රියාවලියට උත්තේජනයක් සහ සහයෝගයක් ලබා දීමට හේතු වේවි කියලා.

මේකෙන් ඔප්පු වෙන්නේ මේ දූෂිතයන් ලෝක පරිමාණයෙන්ම මේ දූෂණ සිද්ධ කරලා තියනවා කියන එකම තමයි. අපි රජයක් ලෙස ශක්තිමත්ව නීති ක්‍රියාත්මක කරනවා. පහුගිය කාලයේ මේ අය නිවැරදි කරගන්න උත්සාහ කළ අයට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැත්තෙන් හොඳ පණිවිඩයක් ලබා දීලා තියනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක්…

Next Post

සෞඛ්‍ය ඇමතිගේ කාර්ය මණ්ඩලයට වාහන නැතිව අර්බුදයක…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.