දිනසේන රතුගමගේ
යාපනය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නීතිඥ වී.මනිවන්නන් ඇතුළු කීපදෙනෙකු යාපනයේදී මහවිරු සතිය ආරම්භ කරමින් 22 දා පහන් දල්වා තිබේ.
පෞද්ගලික ස්ථානයකට නීතිඥවරයා හා තවත් නාගරික මන්ත්‍රීවරු කීප දෙනෙකුද මිතුරන්ද එක්වී පහන් දල්වා මියගිය පිරිස සමරා ඇති අතර එම අවස්ථාවේ ඡායාරූප ගණනාවක් යාපනයේ ජනමාධ්‍යවේදීන් වෙත ලබා දී තිබේ.
නාගරික මන්ත්‍රී මනිවන්නන් ප්‍රකාශ කරන්නේ රජය විසින් කොරෝනා වෛරස් රෝගය සදහා නිර්දේශ කොට ඇති සියළුම සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලවත් රටේ පවත්නා නීතියට අනුවත් ඔවුන් පිරිස මහවිරු සතිය සැමරීම ආරම්භ කළ බවයි.
මහවිරු සතිය ආරම්භ කරමින් ඔවුන් සිදු කළේ මියගිය පිරිස සැමරීම මිස පෞද්ගලිකව කිසිදු අයෙකුගේ ඡායාරූප තබා පහන් නොදැල්වූ බව ඔහු සදහන් කරයි.
නාගරික මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළද පහන් දැල්වීම සදහා සකස් කොට තිබූ ස්ථානයේ පිටුපස අලංකාර කොට තිබුණේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් භාවිත කරණ කොඩියේ වර්ණ දෙක පමණක් භාවිත කරමිනි.