ශ්රි ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද මව්න්ට් මන්ගනුයී හි බේ ඕවල් ක්රීඩාංගනයේ දී ශ්රි ලංකා වේලාවෙන් අද පෙරවරු 11.45ට ආරම්භ වේ.
අතේ තිබුණ ජයග්රහණය අත්හැර දැමූ මැදපෙළ දුර්වල සහ වගකීම් රහිත පිතිකරණය යථාවත් කරගෙන අද ශ්රි ලංකා කණ්ඩායම තරගයට මුහුණ දෙනු ඇත.
වාර්තාවන පරිදි දිගින් දිගටම අසාර්ථකවන කුසල් ජනිත් වෙනුවට අංක තුන ස්ථානයට දිනේෂ් චන්දිමාල් කැඳවීමට නියමිතය. ජයග්රහණය පෙනි පෙනී තිබූ මුල් තරගයෙන් ශ්රි ලංකා කණ්ඩායම ලකුණු 08කින් පරදවා නවසීලන්ත කණ්ඩායම ජයග්රහණය වාර්තා කළේය.







