බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“නම උක්කුං වුණාට අපි තාම බොන්නෙ ප්ලේන්ටි” – බැසිල් පොහොට්ටු සංවත්සරයේදී කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“නම උක්කුං වුණාට අපේ පක්ෂය තවම බොන්න ප්ලේන්ටි. කිරි නෙවෙයි. ඒ වුණත් අපි පක්ෂයක් හැටියට අපි ආඩම්බර වෙනවා අපිට ඒ කටයුත්ත කරන්න ශක්තිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා දීලා තියෙනවා. අපි ඒ අනුව කටයුතු කරනවා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වැනි සංවත්සර සැමරුම නෙළුම් පොකුණ රඟහලේදී අද පැවැත්වෙන අතර එහිදී උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙහිදී උත්සවය ඇමතූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

“අපේ පොදුජන පෙරමුණ තමයි ලංකාවේ තියෙන ළදරුම දේශපාලන පක්ෂය. අපි මේ පක්ෂය නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි අපේ එකම පරමාර්ථය වූයේ ජනතාව දිනවීමයි. අදටත් අපේ ඒකයන අරමුණ මෙර රටේ ජනතාව දිනවීම මිස කිසිවකු පරාජය කිරීම නොවේ. යම් අභියෝගයක් එල්ල කරානම් ඒ අභියෝග සියල්ලක්ම අපිට ශක්තියක් වුන බව සටහන් කරන්නේ ඉතාම නිහතමානීව. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවදුරටත් දේශපාලන ජයග්‍රහණය ලබාගන්න වගේම මේ දේශපාලන ජයග්‍රහණ සියල්ලක්ම මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම මතු පරපුර වෙනුවෙන් රාජ්‍යයක් තුළ අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන් වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න, අධිෂ්ඨාන කරගෙන ඉන්න නිහතමානි, අවංක ශ්‍රේෂ්ඨ නායකයෙක් අපේ රටේ ජනාධිපති ධුරයට පත් වෙලා ඉන්න වෙලාවක, අපි ඒ කාර්යය අවංක ඉෂ්ට කරනවා. ඒ නිසා මම අපේ මෙහෙ පැමිණිලා ඉන්න අපේ පක්ෂ නායකයින‍්ගෙන්, අපේ පක්ෂ සාමාජිකයින්ගෙන්, මුළු ලොව අහන් ඉන්න සියලු දෙනාගේම ඉල්ලනවා අපි පක්ෂයක් හැටියට ඉදිරියටත් ක්‍රෝධය වෛරය නැතිව අපි අවංකව සියලු දෙනා එක්ක, සහයෝගයෙන් වැඩ කරලා, අපේ රට වෙනුවෙන් යම් සේවයක් කරන්න අධිෂ්ඨාන කර ගමු කියලා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ගරු අගමැතිතුමනි, නම උක්කුං වුණාට අපේ පක්ෂය තවම බොන්න ප්ලේන්ටි. කිරි නෙවෙයි අපි බොන්නේ. ඒ වුණත් අපි පක්ෂයක් හැටියට අපි ආඩම්බර වෙනවා අපිට ඒ කටයුත්ත කරන්න ශක්තිය ඔබතුමා දීලා තියෙනවා. අපි ඒ අනුව කටයුතු කරන බව සටහන් කරනවා. විශේෂයෙන්ම මේ ගමනට අපිට උදව් වෙච්ච ගරු මහා සංඝරත්නය අපේ පක්ෂය කිසිම ආගමකට ජාතියකට කුලයකට අයිති පක්ෂයක් නෙවෙයි. ඒ සියලු ආගම් සියලු ජාතීන් සියලුම කුල සියලු ප්‍රදේශ නියෝජනය කරන පක්ෂයක්. ඒ සඳහා කටයුතු කරපු අනෙකුත් සියලු මන්ත්‍රීවරුන්ට සහ ඌව පළාත් සභාව ප්‍රාදේශීය සභා හා පළාත් ආයතන වල සියලු මහජන නියෝජිත වෘත්තිය සමිතිවල අපේ සගයින්ටත් ,අපේ අනු සංවිධානවල සියලුම නියෝජිතයනිටත් ඒ වගේම වෘත්තීයවේදීන් සහ සංවිධානවල සියලු දෙනාටත් ගැන මේ අවස්ථාවේදී පක්ෂය ගොඩ නැගීමට දීපු අතහිත වෙනුවෙන් ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.

ඉදිරියේදීත් අපි ඉතාම නිහතමානීව අපි අපේ සහෝදර අනෙකුත් උදව් කරපු සියලු දෙනා එක්ක සහයෝගයෙන් කටයුතු කරමු. අපි විශේෂයෙන්ම අපේ රටේ කොට්ඨාස 4917 තියෙනවා. ඒකෙ 4000 කට වැඩිය කොට්ඨාස නියෝජනය කරන්නේ අපේ පළාත් පාලන නියෝජිතවරු. අපි අධිෂ්ඨාන කර ගමු අපිට අභියෝග තියෙනවා. මේ වෙලාවේ තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. එනිසා පස්සට යන්න එපා. අපි ඒ අභියෝග ජයග්‍රහණය කිරීමට ඔබ ගමේ නායකත්වය දෙන්න. අපිට අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් දේශපාලන වශයෙන් අභියෝග කරත් ඔවුන් අභියෝග කරන්නේ අපේ රටේ අනාගතය රටේ ජාතියෙ ජනතාවට අභියෝග කරන්නේ. ඒ අභියෝග වලට අපි මුහුණ දෙමු. ඔබ ගමේ දී ඒ සඳහා ඉදිරියට ඇවිල්ල කටයුතු කරන්න කියලා ආරාධනා කරමින් මම මේ අවස්ථාවේදී පැමිණෙන්න බැරිව ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. අපි සියල්ල තුළ මේ වෙලාවේ අපි මුහුණ දෙන්නේ ඉතා භයානක වසංගතයට ඒක ඒ සෞඛ්‍ය නීතිය අකුරටම පිළිපදිමින් සීමා සහිත ඉඩකඩක් තුළ සිටි සීමාසහිත පිරිසට අපිට ආරාධනා කරන්න වුණේ. ඒ ගැන අපේ කණගාටුව.

මෙහි පැමිණිය නොහැකි වීම අපේ පක්ෂය බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර මං හිතන්නේ නෑ අපිට අපේ සියලු දෙනාටම එන්න පුළුවන් ශාලාවක් හෝ පිට්ටනියක් මේ රටේ තියෙනවා කියලා. අපිට මාස 6න් ගෝල්ෆේස් පිට්ටනිය පිරෙව්වේ. ඉතින් ඒ නිසා අපිට ආයෙත් සම්මේලනයක් තියන්න ඒ් වගේ පිට්ටනියක් ගරු අගමැතිතුමනි ඔබ හදලා දුන්නොත් ඇරෙන්න අපිට නම් මං හිතන්නේ නෑ පුලුවන්කමක් ලැබෙයි කියලා අපිට ඒ වගේ තැනක් හොයාගන්න.

එසේ කියමින් මම විශේෂම තවත් වාරයක් මේ පක්ෂය ගොඩනැගීමට උදවු කරපු අපේ පක්ෂයේ වගේම අපේ පක්ෂයෙන් පිට සහෝදර පක්ෂ වල අයටත් ගෞරවනීය ස්තුතිය පුද කරමින් අපේ ගෞරවය පුදකරනවා. ඒ කැපවීම අපිට කවදාවත් අමතක කරන්න බෑ කියන එක සඳහන් කරමින් අපි අපිට දැන් පැවරිලා තියෙන්නේ පක්ෂය ගොඩනැගුවා ජයග්‍රහනය කරා ජනතාව අපිට වගකීමක් බාර දුන්නා ඒව අකුරටම කරන්න අපේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලයටත් ඒ සියලුම මහජන නියෝජිතයන් අවශ්‍ය සහයෝගය මගපෙන්වීම ඔබ අපි පක්ෂය හැටියට දෙනවා එය අධිෂ්ඨාන කරමින් ඔබටද සුබ අනාගතයක් වේවා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොව පුරා කිතුනු බැතිමත්හු මළවුන්ගේ දිනය සමරති!

Next Post

කල්දැමුණු සාපෙළ – උපෙළ – ශිෂ්‍යත්ව විභාග දින නිකුත් වෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.