බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධම්මික පැණිය ගන්නට කෑගල්ල දන්සලට  ගියෙමි

by editor
දෙසැම්බර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තවමත් එළිය පොදකුදු නොවේ. තැන තැන දැල්වූ පන්දම් එළියෙන් විදුලි එළිවල මලානික එළිපොදින් හාත්පස අඳුර දුරු වෙමින් ඇත. පෙර දා රාත්‍රියේ ඇද හැලුණු ධාරාණිපාත වාර්ෂාව තෙත් සහිත ගොහොරු තනා තිබේ. නිවසින් පිට වූයේ අළුයම දෙකටය. එහෙත් අපත් පමාද වූවා වැඩි සෙයකි.  වාහන නැවතුම අතුරු සිදුරු රහිතව පිරී ගොස්ය.

  • වාහන සිය ගණනක් ගාල් කළ  රථ ගාල

කෑගල්ලෙන් හැරී බුලත්කොහුපිටිය පාරේ කිලෝමීටර කිහිපයක් එන විට මේ රථගාල තැනී ඇත්තේ පොලිසියේ ද සහය ඇතිවය.  ධම්මික වෙද මහත්තයාගේ කොවිඩ් පැණිය ගන්නට පැමිණි අපේක්ෂා සහිත මිනිස්සු නිදි වරාගෙන හිටිවනම සිටිති.  මේ වාහන නැවතුම ඇත්තේ ධම්මික වෙද මහත්තයාගේ නිවසට කිලෝමීටර පහක් පමණ දුරිනි. මෙතැනින් එපිට කිසිම වාහනයකට ඇතුළු විය හැකි නොවේ. තවත් කිලෝමීටර දෙකක් අවශ්‍ය නම් ත්‍රී විල් රථයකින් යා හැකිය. ඒ දුර රැගෙන යන්නට ත්‍රීවිල් පෙළට සිටිති. මිල රුපියල් 150කි.

ධම්මික වෙද මහත්තයා ආශ්චර්යමත් මනුෂ්‍යයෙකි. එතුමාගේ කොවිඩ් පැණිය හොඳයි කියා සෞඛ්‍ය ඇමති තුමියත් කීවාය. චන්න ජයසුමන මහාචාර්ය වෛද්‍ය රාජ්‍ය ඇමති තුමත් කීවේය. වතුපිටිවල කොවිඩ් මධ්‍යස්ථානයේ ලෙඩ්ඩුන්ට කොවිඩ් පැණිය දුන් පසු කොවිඩ් නිට්ටාවටම  සුව වූ බව මාධ්‍ය කීවේය. ධම්මික වෙද මහත්මයා කීවේ   මේ බෙහෙත් වට්ටෝරුව   රාවණා කාලයට අයත්  එක්ක බවය. පුරාණ රහතන්වහන්සේ ලා වෛරස් රෝග සුව කරගන්නට මේ ඖෂධය පානය කළ බව ඔහු එක හෙළා  පැවසුවේය. ඖෂධය නොලැබුණත්   මේ මහානර්ඝ ‍ ඖෂධ රත්නය ධම්මික වෙදදැරු තුමන්ගේ දෝතින් ජනතාව වෙත බෙදා දෙන දන්සල් මූහුර්තයට එක් වීම පවා භාග්‍යයක් කොට සැලකුවෙමි.

  • අඩුම ගානේ හත් අට දාහක්…

කොවිඩ් නිරෝධායන නීති ප්‍රකාරව තවමත් 25 දෙනෙකුට වඩා එකට එක් වීමට බැරිය. මරණයේ සිට ගමේ පන්සලේ කටින පින්කම සම්බන්ධවත් ඒ නිතීය එසේය.  දන්සල් දෙන්න නොව ඒ නම ඇසූ පමණින් දන්සල් දෙන්නට ගිය උන් නතර කරන්නේ උසාවියේ ය.  එහෙත් ධම්මික වෙද මහත්මයා මේ  දන්සල් දෙන්නේ කොවිඩ් උවදුර නැති කරන්නටය. ලෝකයෙන් ධූරීභූත කරන්නටය.  අනෙක මේ පැණිය වරක් ගත් අයෙකුට කොවිඩ් තබා සෙම රෝගයක් වත් නොවැළඳෙන බව සැලය. මිනිසුන් ආවේත් කොවිඩ් නිරෝධායනය කරන බලධාරී ඇත්තන් මිනිස්සුන්ට එන්න දුන්නේත් ඒ විශ්වාසය මත පිහිටාය. ඒ මොහොතේ දිවයිනේ නන් දෙසින් හත් අට දහසක පිරිසක් ඒ අවට රොද බැඳගෙන සිටිනු පෙනුණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අපි පා ගමනින්ම ගමන ඇරඹුවෙමු. ටික ටික එළිය වැටෙමින් ඇත. ධම්මික වෙද මහත්මයාගේ නිවස දෙසට ඇදෙන මහා ජන සන්නිපාතයකි.  සමහරු ඒ අතර ත්‍රී රෝද රථවලින් හැකි උපරිම දුර ගමන් කරති. කිලෝ මීටර පහක දුර මග දෙපස වූ කුඩා සිල්ලර කඩ තේ කඩ බවට පත් වී ඇත. මගීහු කඩ වටා පොරකමින් උදෑසන ආහාර සොයති. තේ බොති. තැනක අලුතින් ඉදි වූ කඩයක් පෙනේ. කඩ පිල්වල සෙනගය.  ධම්මික වෙදමහත්තයාගේ ගෙදර පැත්තට බියක් නැත.

ආයාසකර ගමනකින් පසු ධම්මික වෙද මහත්මයාගේ නිවහන අසලට පැමිණියෙමු. එතැන පසෙකින් තුණ්ඩු නිකුත් කරන තැනකි. එතැනට ගමන් කළ යුත්තේ ද තෙරෙපෙමිනි. තුණ්ඩුව ගන්නටත් පෙර තුන් මුණින් මඩ නාගෙන  සිටියෙමි. මගේ අංක හාරදසයත් ඉක්මවූ එකකි. කොවිඩ් බිය ඉක්මවා කුස ගිනි නැගමින් තිබිණි. යළිත් සෙනග අතර තෙරපෙමින් තේ කෝප්පයක් බොන්නට හැකි තැනක් සොයාගෙන ආවෙමි.

පැණිය ගන්නට රොද බැඳගෙන පැමිණි පිරිසෙන් සුුළු කොටසක්…
  • කාලි දේව වරමින් ලත් වට්ටෝරුව

සිල්ලර කඩය තේ කඩයක් කර ගැනීම තරම් ව්‍යාපාරික අවබෝධයක් සහිත මැදිවියේ මිනිසෙක් කඩිසර ලෙස තේ හදමින් කෙටි කෑම වර්ග යැයි සිතාගෙන කෑ යුතු කෑම වර්ග සකස් කරමින් සිටියේය. මුහුණු ආවරණයක් නැත. ධම්මික වෙද මහත්මයාගේ ගමත් කොවිඩ් ෆෘෘප් සේය.  ගම් වැසි කණ්ඩායමක් ඔහුගේ උදව්වට පැමිණ ඇත. ඉන් එකෙක් සමග කතාවට  එක්වෙමින් තේ කෝප්පය තොල ගාන්නට වූයෙමි.

“ ඇත්තටම ඔයාලට මේ බේත් ලැබුණෙ නැද්ද?“

“ නෑ.. තවම නෑ මහත්තයා. ගමේ අයට වෙනම දෙනවා කියලා කිව්වා… මේ තදබදය අඩු උනාම අරගන්නවා.“

“ මේ වෙද මහත්තයා එක පාරටම නේද ප්‍රසිද්ධ උනේ… මේ බෙහෙත පරම්පාරාවෙන් ආපු එකක් ද?“

“ මේකයි මහත්තයො… අපේ වෙදමහත්තයා ප්‍රසිද්ධ නැත්තේ එතුම වෙද මහත්තයෙක් කිව්වට වෙද මහත්මයෙක්මත් නෙමෙයිනෙ. අවට පිටේ ඇත්තො කීවෙ මෑණියො කියලා…  ගමේ පොඩි පොඩි   වැඩ කරමින් උන්නේ. මීට අවුරුදු 12කට විතර කලින් එතුමාට වරමක් ලැබුණා. වරම ලැබුණෙ කාලි අම්මාගෙන්.  වරම ලැබුණු දා හිට තමයි ගමේ  කට්ටියයි අවට පිටේ දන්න කියන කට්ටියයි එතුමට  මෑණියො කියන්නෙ. ඉතින් ඔය බේත් වට්ටෝරුව තියනව නේද?. ඕක එතුමාට ලැබිල තියෙන්නෙ කාලි වරමින්. එහෙම දේවල් ලෝකෙ වෙනවා… එතුමගෙ බේත් හරි…“

  • දවස් තුනක ඉඳන් ඇවිත් නැවතිලා..

මම හිස සැලුවෙමි. මේ ලෝකයේ නොවිය හැක්කක් නොමැති බව හාත් පස දැකුමින්ම පෙනෙමින් තිබිණි.

“ මහත්තයාල කොයි පැත්තෙ ද?“

“ මම මේ ගම්පහ ඉඳන් ආවේ… මෙච්චර කට්ටිය එන්න උදේ ඉඳන් මෙතන පිරිලා හිටිය ද?“ මම පිළිතුරු දෙමින්ම ඔහුව විමසුවෙමි.

“ මොන… මෙතෙන්ට  කට්ටිය එන්නෙ දවස් තුනක ඉඳලා… බේත් නැති වෙයි කියලා බයට ඒ අය ඇවිත් වාහන වලම නැවතිලා ඉන්නවා. “

“එතකොට කන්න බොන්න වොෂ් රූම් එකකටවත් යන්න පහසුකම් නෑ නේ…“

“ නැත්තෙ මොකද… ගමේ අය ගෙවල්වල ඒ පහසුකම් හදලා දීලා සුළු ගානක් ගන්නවා. අර ඉස්සරහ පේන ගෙදරත් එහෙමයි.“ ඒ නිවසේ කෙටි ඉස්තෝප්පුවේ ප්ලාස්ටීක් පුටු  පේළියක් තබා ඇත. දැන් සහතිකය. ධම්මික බණ්ඩාර වෙද මහත්මයාගේ අඩවියට කොවිඩ් බියක් නැත.

  • ඖෂධ පෝලිම

වෙලා ගතවන්නට පෙර ඖෂධ බෙදන එතුමාගේ නිවස බලා පිටත් වීමු. ඒ කෙටි දුර යා යුත්තේ පොරකමිනි. වයසක අත්තම්මලාත් හැරැමිටි ගසමින් පැමිණ ඇත. පොලිසියේ නිලධාරීහු බර ගණනක් වෙති. ඔවුන්ගෙන් අයෙක් ද රජකාරිය පසෙක දමා පොර කමින් ඖෂධය  ගන්නට සැරසෙමිනි.  ඒ අතර අතෝරක් නැතිව මහා සංඝයා වහන්සේ විඩිති. උන්වහන්සේලාට වැඩම කිරීමට සියලුම ප්‍රස්ථා සකසා ඇත. උන්වහන්සේලා බොහෝමයක් එන්නේ වෙද මහත්මයා ගේ ඖෂධයට අවශ්‍ය බව කියන මී පැණි බෝතලයක් දෙකක් රැගෙනය.

නිවස අසල ඉඩකඩ සහිත භූමියක් වේ. එම භූමියේ විශාල අට්ටාලයක් සකසා ඇත. වෙද මහත්මයා සිය දෑතින් ඖෂධය බෙදන්නේ  මේ අට්ටාලයේ සිටය. එතැන් විශේෂ ප්‍රභූ වරුන්ට ප්‍රවේශ වීමට වෙනත් මගක් තිබේ.  දෙනෝදාහක් දෙනා පහළ පොරකමින් සිටිද්දී  අතෝරක් නැති ප්‍රභූවරු ප්‍රභූ පාරේ ඇවිත් බෙහෙත රැගෙන යති.

එක සීරුවට තෙරපෙමින් සිටන මගේ ඉල ඇට කූඩුවත් දැදුරු වී යන සෙයකි.  එක් වරම මා අසල සිටි කාන්තාවක් තෙරපී විසි වී තුන් මුණින් වැටෙයි. ඇය වත්තම් කර ආපසු බලන විට වියපත් මාතාවක් මෙන්ම කුඩා දරුවන් රැගත් තරුණ යුවලක් ද පෙනේ. සක්‍රයා බෙහෙත් දුන්නත් මොළේ ඇති එකෙක් මේ වයසක පරාණ හා නොදරුවන් එල්ලාගෙන මේ වැනි වසංගත කාලයක මෙවැනි තැනක තෙරපෙන්නට එන්නේ නැත.

කියා පලක් නැත. යළිත් ඒ මහා තෙරපුමට එක් වුනෙමි. තවත් පැය 02ක් පමණ කාලයක් තෙරපෙමින් ඇදි ඇදී ගොස් මගේ වාරය පැමිණි විට ඖෂධය ලබා ගනන්ට වෙද මහතා හමුවුනෙමි. ඔහු  ඒ මහානර්ඝ ඖෂධය මා වෙත දුන්නේය.

  • මාත්‍රාව බිරියගෙන්

ඖෂධ මාත්‍රාව හා එහි ගුණ අගුණ එතුමා කියන්නෙ නැත. ඒ කටයුත්ත කරන්නේ එතුමාගෙ බිරින්දෑය. එතුමිය පිටව යන තැන හිඳ ඒ උපදෙස් අවශ්‍ය අයට ලබා දෙන්නීය. මට තවමත් කොවිඩ් වැළඳී නැති නිසා මගේ මාත්‍රාව මේ පැණියෙන් මේස හැඳි දෙකකි. එය උදේ සහ සවස ගත යුතුය. දින තුනක් සෑහේ. තුන් මසකට කොවිඩ් ආවරණයක් ලැබේ.  මගේ දරුවන් සඳහා මාත්‍රාව ‍තේ හැන්දෙන් එකකි. කොවිඩ් වැළඳී ඇති නම්  මාත්‍රාව තේ හැඳි තුනකි.  ඇය දීර්ඝ විස්තරයක් කරන්නීය.

හාත්පස බැලුවෙමි. එක සීරුවට දෙනෝදාහක් දෙනා පැණිය ගන්නට පොරකති.  අතොරක් නැති ප්‍රභූවරු පැමිණ රහසේම පැණිය රැගෙන යති. මේ වනවිට  වෙදැදුරුතුමා දුන් පැණි බෝතලය මා අතය.  මඩ ගොහොරුවේ පොරකන්නට ගොස් ඇඳුම් සියල්ලම මඩින් පෙඟී ගොස් ඇත.

තවමත් සායනික පරීක්ෂණ කර නැති බව සැබෑය. ඒත් බේත නම් ධම්මික පැණිය ය.   බටහිර විද්‍යාත්මක ලෝකය මොන පුණ්ඩයක් දැයි ධම්මික වෙද මහත්මයාගේ නිවසේ දී දුටුවෙමි.

පැණිය අරන් ගෙදර ආවෙමි. අපේ ප්‍රදේශය භාර මා මිත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා  මේ සිදුවීම් සියල්ල සමාජ මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය කර සිට ඇත. ඔහුට මා මේ පැණිය ගන්නට ගිය වග කවරෙක් හෝ කියා තිබිණි.  මගේ කරුමයට ඔහුට මේ කාලි දේව මෑණියන්ගේ වරමින් ලැබුණු ඖෂධය පිළිබඳ විශ්වාසයක් නැත. මා සොයා ආ ඔහු ධම්මික පැණිය ගැන ආ ගිය කතා  විමසා මට උපදෙස් ලබා දී ගියේය.

“ පැණිය කියන මාත්‍රාවට බොන්න. හැබැයි දවස් 14ක් ගෙදර ඉන්න… රෝග ලක්ෂණ  ආවොත් කතා කරලා කියන්න… “

ධම්මික පැණිය බොමින් මේ දවස්වල නිවසට වී සිටිමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සයින්දමරුදුවල මරාගෙන මැරුණු අන්තවාදියාගේ බිරිඳ යළි අත්අඩංගුවට

Next Post

අද අලුතින් කොවිඩ් ආසාදිතයන් 694ක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

Comments 2

  1. නිමල් දිසානායක says:
    වසර 5ක් ago

    ටොයියො බයියො වෙනසක් නැත මරණ බයේ
    තෙරපෙති; සටන් වැද දිව ඔසු බෙදන පැයේ
    ලෙඩදුක් වසංගත තව-තව ඇවිත් ගියේ
    ගියේ ගෙනා ටික අහවර අයයි ප්‍රියේ!

    පිළිතුරු සැපයීම
  2. යූ.එස්.එදිරිසිංහ says:
    වසර 5ක් ago

    රාවනා ගේ බෙහෙතක් බව කියයි.ලංකාවට සාදික්කා ගෙනත් වගාකලේ ලන්දේසීන් ය.එසේ නම් රාවනා සිටියේ ලන්දේසී යුගයෙන් පසුවද?

    කාලි දුන් බව පවසයි.කාලී යනු හින්දුන්ගේ ආගමික සංකල්පයකි.හින්දූන්ගේ තිරුපති කෝවිලේ මහ කපුවා covid 19 සෑදී මිය යද්දී.ඔය කාලිය හිටියේ කොහිද?තම ආගමේ ලොක්කකු මරණයෙන් ගලවාගත නොහැකිවූ කාලී අනිත් අය බේරාගන්නට ඉදිරිපත් වේවිද?

    එසේම සෞඛ්‍ය බලධාරීන් මෙය අනුමත කර ඇත්තේ අතිරේක ආහාරයක් ලෙස විනා කොරෝනාවට බෙහෙතක් වශයෙන් නොව.දැන්වත් සිහි එලවා නොගතහොත් පැණිපොකුරේ සාසාමාජිකත්වය නියතය

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.