ස්ත්‍රී දූෂණ චෝදනා මත සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල් දැමීමට සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණ එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී නියෝග කළේය.
සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි.
දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත දැඩි ඇප කොන්දේසි පනවමින් ධනුෂ්ක ගුණතිලක මුදාහරිනු ලැබුවේ නොවැම්බර් 17 වැනිදාය.
ඔහුට රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් ද තහනම් කරන ඇඳිරි නීතිය, පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම, ටින්ඩර් ඇතුළු යෙදුම් භාවිත කිරීමෙන් වැළකීම ඇතුළු ඇප කොන්දේසි .ඉදිරියටත් වලංගු බව අධිකරණය ප්‍රකාශ කළේය.









