දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්රෑමයක් සඳහා රුපියල් 210ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ඊයේ (10) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයතු අධිකාරිය මෙම ගැසට් නිවේදනය නිකුත් කරන්නේ ඊයේ සිට බලපැවැත්වෙන පරිදිය.
මේ වනවිට වෙළෙඳපලේ සහල් මිල පාලනයකින් තොරව ඉහළ යෑම වැලැක්වීම සඳහා රජය මෙම පියවර ගෙන ඇත.
අද සිට මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් වෙළෙඳාම් කිරීම, සැපයීම, වෙළෙඳාම සඳහා ප්රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය දන්වා ඇත.







