මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින රාජකාරිය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනම් කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115ක් දෙනා අත්සන් කර ඊයේ (25) කථානායකවරයා වෙත භාර දුන් යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අද ඇතුළත් කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
පොලිස්පති සේවයෙන් පහ කිරීම සඳහා ගනු ලබන නෛතික ක්‍රියාවලට අනුව 2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ පනත පදනම්ව මෙම සේවය අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත මෙම මන්ත්‍රී කණ්ඩායම විසින් භාර දී තිබිණි.
පොලිස්පතිවරයා ඉවත් කිරීමට පනතේ ලබා දී ඇති ප්‍රතිපාදනවලට අදාල වගන්ති දෙක්ක යටතේ චෝදනා 27ක් ගොනු කරමින් මන්ත්‍රී කණ්ඩායම විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඒ සඳහා විපක්ෂය ද පූර්ණ සහයෝගය ලබා දෙන බව ඊයේ (25) විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.







