රාජකාරි අත්හිටවු පොලිස්පති දේශබන්දුගේ ප්‍රශ්නගත හැසිරීම සම්බන්ධව විමර්ශනය කරන කමිටුවේ අවසන් වාර්තාව මේ වනවිට සකසමින් ඇති බවත්, එළැඹෙන සතිය තුළ කථානායකවරයා වෙත එය භාරදීමට සැලසුම්කර ඇති බවත් විමර්ශන කමිටු ආරංචි මාර්ග පවසයි.
වැඩ අත්හිටවූ පොලිස්පතිවරයා සිදුකර ඇති බවට චෝදනා කරන බරපතල බලය අවභාවිතය මෙන්ම විෂමචාර සම්බන්ධව විමර්ශනය කර වාර්තාවක් සැකසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් සහ නිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක ගේ සමාජිකත්වයෙන් මෙම විශේෂ විමර්ශන කමිටුව පත් කර තිබිණි.
කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ගත්තේය. පරීක්ෂණ කමිටුවේ සාක්ෂි සටහන් කර ගැනීම පසුගියදා සම්පූර්ණයෙන්ම අවසන් කරනු ලැබීය.







